oil

ලෝක තෙල් මිල ගණන් අඩු වූ පසුගිය කාලයේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ගියා නම් මෙසේ තෙල් මිල ගණන් වැඩි කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති.

ගිය වසරේ (2020) කොරෝනා වසංගතයෙන් පසු ලෝක ඛනිජ තෙල් මිල ගණන් විශාල වශයෙන් අඩු වූ බවත් ඒ අවස්ථාවේදී මෙසේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට එළඹීමට හොඳටම හැකියාව තිබුණු බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම මේ සම්බන්ධයෙන් වන ඉදිරිපත් කිරීමක් ගිය වසර (2020) මැදදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට සිදුකළ බවත් ඔවුන් එයට සවන් දුන්නා මිස ඒ අනුව කටයුතු නොකළ බවත් ඔවුහු සඳහන් කළහ.

එම ඉදිරිපත් කිරීම ඛනිජ තෙල් සංස්ථාවට ගිය වසරේ ඉදිරිපත් කරන අවස්ථාවේදී තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 36 ක් වැනි අඩු මට්ටමක පැවැති බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා හමුවීමට පණිවුඩ යැවුවද ඒ සඳහා කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔවුහු කියා සිටිති.

රජයට හෝ ඛණිජ තෙල් සංස්ථාවට මෙසේ ලෝක තෙල් මිල ගණන් ඓතිහාසික අඩුම මිල ගණන් දක්වා පහත වැටුණු අවස්ථාවලදී එම වාසිය රටට ලබා ගැනීමට කටයුතු කළ හැකිව තිබූ බවද එසේ නොකිරීමේ විපාකවලට අද රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.

divaina

Similar Posts