මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි. 

ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

උපතේදී ලබාදෙන අනන්‍යතා අංකයකින් ද සමන්විත ජාතික උප්පැන්න සහතිකය මුද්‍රණය වන්නේ වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයටයි. ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලෝ ග්‍රෑම් ස්ටිකරයකින්ද එය සමන්විතවෙ. එය නිකුත් කරනු ලබන්නේ රෙජිස්ට්‍රර් ජෙනරාල්ගේ අත්සනින් යුක්තවයි.

වත්මන් උප්පැන්න සහතිකයේ පවා නොමැති කරුණක් වන ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුළත් කර නොමැති අතර ‘ජාතිය‘ යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඇතුළත් කර ඇති බවයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

Similar Posts