pasunobasinaali

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කරන ලද්දේ පවුල් සිය ගණනක්ට ඔවුන් ගේ වාස භූමි අහිමි කරමින්ය.එමෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟම  වන අලීන් ගේ නිජබිමක් වූ හම්බන්තොට වරාය පරිශ්‍රයද  වන අලීන්ට අහිමි වී ගියේය.

වරාය ඉදිකිරීමත් සමඟ තම නිවාස අහිමි වූ වැසියන් රජයෙන් ලබා දුන්  අළුත් බිම්කඩ වලට ගියද වන අලීන් එසේ තම නීජ භූමිය අත හැර යන්නට සූදානම් වූයේ නැත.

ඡායාරූපයෙන් පෙනෙන්නේ හම්බන්තොට වරාය පරිශ්‍රය වෙන් කොට ඇති කොන්ක්‍රීට් කණුද පෙරලා දමා තම  නිජ භූමි කරා යන වන අලින් ගේ පිය සටහන්ය.

එමෙන්ම සශ්‍රීකව වැවී ඇති කුඹුරු ටිකද තව නොබෝ කලකින් ගොවි ජනතාවට අහිමි වනු ඇත.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts