mother
මුහුදට වැටුණු ලේන පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට ලේන් අම්මකු නැට්ටෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයක් පිළිබඳව ජාතක කතා වස්තුවක් අපි අසා ඇත්තෙමු.
එදා මෙන්ම අදත් ලේන කුලයේ වීරිය වඩන අම්මා කෙනකු පිළිබඳ කතා පුවතක් අපට අසන්නට ලැබෙන්නේ ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන ගම්මානයෙනි. සැමියා විසින් ඇයව අතහැර දමා ගොස් ඇති අතර තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා සමඟ බොහෝ අමාරුකම් මැද ජීවත් වන්නීය.
කොතරම් අමාරුකම් තිබුණ ද මේ මවට ජීවිතයේ ඇත්තේ එකම බලාපොරොත්තුවකි. ඒ කෙසේ හෝ තැලසීමියා රෝගයෙන් පෙළෙන තම පුතු සුවපත් කර ගැනීමය.
අයි.ඒ.ජී. රම්යා ප්රියදර්ශනී වන ඇය හතළිස්තුන් හැවිරිදි වියේ පසුවන අතර පස් හැවිරිදි පුංචි පුතු ආර්.එම්. නෙතුම් නිම්සර ප්රියදර්ශනය.
මේ මව තැලසීමියා රෝගයෙන් පෙළෙන තම පුතුට ඇටමිදුලු බද්ධ සැත්කමක් සඳහා මුදල් සෙවීමට නොගන්නා උත්සාහයක් නැති තරම්ය. වතුවල ඇවිදිමින් පොල් අතු එකතු කර ඒවායේ ඉරටු සූරන්නේ විකුණා ලැබෙන මුදලින් පුතු සුවපත් කර ගැනීමටය.
ඇගේ සැමියා යුද හමුදා සෙබළකු වන අතර මේ පුංචි පුතු සිව්වැනි දරුවාය. නිම්සර පුතු ඉපදී මාස හතක් ගතවද්දී දරුණු තැලසීමිය රෝගයෙන් පෙළෙන බවට වෛද්යවරුන් විසින් පවසා තිබේ. ඉන් අනතුරුව සැමියා ඇයව සැක කර අනෙක් දරු තිදෙනාත් සමඟ වෙන් වී ඇත.
ඇය අධිකරණයේ පිහිට පැතීමෙන් දරුවාගේ උප්පැන්නයට පියාගේ නම දීමට සැමියා කැමති වී ඇති අතර එතැනින් එහාට මේ පුංචි පුතුගේ සියලු බර මවට පැටවෙන්නේය.
මේ වන විට තැලසීමියා රෝගයෙන් පෙළෙන පුංචි පුතු දරුණු ලෙස රෝගීව සිටින අතර ඇටමිදුලු බද්ධයට රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් අවශ්ය බවට වෛද්යවරුන් විසින් පවසා ඇත. මසකට අවස්ථා දෙකක් දරුවාට රුධිරය දීමට කුරුණෑගල රෝහලට යා යුතුව ඇතත් එයද ඔවුන්ට දුෂ්කර කටයුත්තකි.
නාවික හමුදාවෙන් දී තිබූ දරුවාගේ උදරයට සවි කරනා යන්ත්රය ද කැඩී ඇති අතර එය ද අලුත්වැඩියා කිරීමට නැවතත් නාවික හමුදා මූලස්ථානයට භාර දී ඇත.
ඉරටු සුද්ද කරමින් රුපියල් ලක්ෂ 60ක් සෙවීම කොතරම් අපහසු කරුණක් වුවද ඇය රැයක් දවාලක් නැතිව තම පුංචි පුතු වෙනුවෙන් මේ ගන්නා උත්සාහය දරු සෙනෙහස කොතරම් ද යන්න තවත් නිදසුන් අවශ්ය නැත.
මේ මවට ගන්නා උත්සාහය දැක ඔබට හැකි අයුරින් උපකාරයක් කිරීමට පුළුවන් නම් එය විශාල පින්කමකි. රටමිරිස් හේන, බේලියකන්ද, ගලේවෙල ලිපිනයේ පදිංචිව සිටිනා ඇයට මහජන බැංකුවේ, ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය 115 2 00 1 2 000 1342 ට ඔබගේ අධාර ලබා දිය හැකි අතර වැඩි විස්තර දුරකතන අංක 071-8514108 ට ඇමතීමෙන් දැන ගත හැකිය.

Similar Posts