පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට විවාදයක් නැත. ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් ලංකා නීතීයේ කොටසක් බවට පත් වීය. වර්ථමාන අධීකරන ඇමතීතුමා වන අලී සබ්රී මැතීතුමාට ඒ ගැන විශේෂ ස්තුතියක් කල යුතුය.

දැන් මේ පනත අපේ රටේ නීතීයේ කොටසක් වී හමාරය.

නීතීය පාලක පංතියේ ආයුධයක් බව මාක්ස්වාදී නිර්වචනයයී. ඔ්නැම ආණ්ඩුවක් නීතීය තම වාසීයට භාවීත කරන බව එහී අදහසයි. මර්ධනයට නීතීය අවභාවීත කරන බව කාල් මාක්ස් ගේ න්‍යයයි.

කෙසේ වෙතත් නුතන ලෝකයේ එය ඒසෙ වීය යුතු නැතී බවට සීවීල් සමාජ ක්‍රියාකාරීත්වය හා නීතීයේ ආධිපත්‍ය භාවීතා කිරීම තුලින් පුරවැසි ක්‍රියාකාරීත්වය තුලින්ද ලගාකර ගත හැකී බව මගේ මතයයි. එයට පුරවැසීයන් වන අප වඩා ක්‍රියාකාරී වීය යුතුය.

2021 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත

කිසීම නීතීයක් අපිට බන්දේසීයක තබා ලබා නොදේ. එය අප අයිතිකර ගත යුතුය. මේ 2021 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වැදගත් වන්නේ ඒ නිසාය .

මේ පනත බැලු බැල්මට පැහැදීලී නැත. මහෙස්ත්‍රාත්වරයා පොලීසීයට යා යුතුය කියා කියන අලුත් නීතීයක් පමනී. ඒයද අවම වශයෙන් මාසයකට 1 වරක් වත් කියා පැහැදීලීවම කියා ඇත.

සංශෝධනය වන්නේ 43 වගන්තීයයී නව වගන්තීය 43 ආ වශයෙන් එකතු කර ඇත.

ඔබේ පවුලේ කෙනා හෝ ඥාතීයා හෝ මිතුර හෝ පොලීසීයට අල්ලාගෙන ගියෝත් ඔබට නිතැතීන්ම ඇතීවන්නේ බියකි. ඒ පොලීසීය පහර දේවීදැයී සැකයයී. මේ සැකය නිසාම අල්ලාගෙන ගිය හෝ බාර වුන තැනැත්තාද පවුලේ අයද පසුවන්නේ බියකිනි. මේ බිය ඇති වීමට අවශ්‍යතරම් සාක්ෂී පොලීසීයේ පසුගිය කාලයේ ක්‍රියාකාරීත්වය නිසා සමාජය දනී.

කන්ද්‍කැටීය ප්‍රදේශයේ අවුරුදු 17 ක ළමයකු මරාදැමීම ගැන පොලීසීය 6 දෙනකු වරදකරු කරමීන් ග්‍රේෂ්ඨාධීකරනය පොලීසීයට දඩ ගසා මානව හිමීකම් කැඩුවා යයී තීන්දුවක් දුන්න්නේය. ඔවුන් පස් දෙනෙකු මහාධීකරනය පෝරකයට යැව්වේය. පොලීසීයේ වැරදී කරන අයට කලකම් පලදීම සිදුවන බවත්, තමන්ගේ රැකීයා නැතීවන බවත්, පවුල් පීටින් ඔවුන් අසරන වන බව මේ නඩු තීන්දු හරහා අධීකරනය මහ ජනතාවට බලපොරොත්තුවක් ලබාදී ඇත.

වැඩේ කෙරෙන හැටී නොහොත් පටීපාටීය

මහෙස්ත්‍රාත්තුමාට පොලීසීයට යා යුතුයී කියල තියෙන්නේ ඒ කියන්නේ එක නීතීයේම පටීපාටීමය වගකීමක් කල යුතුම දෙයක්, එතකොට මහෙස්ත්‍රාත්තුමා එහෙම ගියාම සටහන් තබනවා තාමාගේ නීරීක්ෂනයන් සටහන් කරනවා ඒවගෙම එතුමා යම් සැකකරුවකු ගැන අධීකරන වෛද්‍යවරයට පරීක්ෂා කරන්න කියල කිව්වෝත් ඒක නියෝගයක් අධීකරනමය නියෝගයක්, ඒතකොට අධිකරන වෛද්‍යවරයාත් අධීකරන නියෝගයෙන් බැන්ඳෙනවා, නොකර හැරීයොත් අධීකරනයට අපහාස කලා වෙනවා. කලීන් නම් බොහෝ වීට පොලීසීයම තමයී අධිකරන වෛද්‍යවරයාට රැගෙන යන්නේ දැන් උසාවීයම එකට නියෝග දෙනවා.

පොලීස්පතීටත් දෙන්නේ අධීකරන නියෝගයක් පොලීස්පතී එක කරන්න පරක්කු කරනවා නම් ඒ වැඩේ කරවා ගන්න පොලීස්පතීට විරුද්ධව රීට් නඩුවක් දාන්න පුලුවන්.

කෙනෙක් අහන්න පුලුවන් මහෙස්ත්‍රාත්වරුන්ට වැඩ නැද්ද පහරදීම් කරන හැම වීටම් පොලීසි යන්න කියලා. ඒ සදහා එක් එක් අධිකරනයේ නීතීඥ ශාඛාවන් හරහා පුලුවන් එහෙම පහරදීමක් වෙනවා නම් මහෙස්ත්‍රාත්තුමාට දැනුම් දීල මහෙස්ත්‍රාත් තුමාගේ මැදීහත්වීම කරන්න කටයුතු කිරීමට. ඒක නීතීයෙන්ම මහෙස්ත්‍රාත් තුමා පටීපාටීමය වශයෙන් බලය දීල තියනවා කල යුතුම දෙයක් හැටීයට.

ඉංග්‍රීසී පිටපතේ තියන්නවා Ensure කියන වචනය ඒ කියන්නේ මහෙස්ත්‍රත් තුමාට වගකීමක් දීල තියනවා මේ නීතීය හරහා පොලීසීය තුල පහරදීම් නවත්වන්න. එතැනදී මාසෙකට එක වරක් නෙමේයි 30 ස් වරක් වුනත් පොලීසීයට යන්න පුලුවන් නීතීය අනුවම. එතැනදී තමයී ප්‍රාදේශීය නීතීඥ ශාඛා වැදගත් වෙන්නේ. එතැනදී නීතීඥ ශඛවේ සභාපතී වගේ කෙනෙක් හරහා මහෙස්ත්‍රාත් තුමාට දැනුම් දෙන්න ක්‍රමයක් සකස කරගන්න පුලුවන්. ඒක වැදගත්.

පොලීස් පහරදීම් නවත්වන එක මහෙස්ත්‍රාත්තුමගේ වගකීමක්. එතැනදී මහෙස්ත්‍රාත් තුමා පුද්ගලීකව බලන්න ඔනා, එම තැනැත්තගේ යහපැවැත්ම තියෙනවද කියලා. සුභ සාධනය හා එතැන තියන වාතාවරනය, සැකකරුගේ ප්‍රකාශ, සහ මහෙස්ත්‍රාත් නීරීක්ෂන, අධිකරන වෛද්‍යවරයකු නැත්නම් අවම වශයෙන් රජයේ වෛද්‍යවරයකුටවත් නියෝග කරනවා වාර්ථාවක් අධිකරනයට එවන්න කියලා. එම අත්අඩංගුවේ ඉන්න තැන වෙනස් කරන්න හා අවශ්‍යය නම් වෛද්‍යප්‍රතීකාර දෙන්න කියලා. කන්දේකැටියේ වෛද‍්‍යවරයා ඒ අවුරුදු 17ක ළමයව පරීක්ෂා කල නම් ඒ ළමයා මැරෙන්නේ නැ.

අවසානයේ එම පොලීස්පතී වාර්ථාව නීතීපතී අවධානයට යවනවා එම පොලීස් නිලධාරීන්ට නඩු දාන්න. 1994 අංක 22 දරන කෲර හා අවමන් සහගත සැලකීම් වලට එරෙහී පනත යටතේ පොලීස් නිලධාරීන්ට නඩු දාන්න. ඒම පණත අනුව පොලිස් නිළධාරියෙකු වරදකරුවෙකු වුනොත් අවුරුදු 7ට නොඅඩු සිර දඬුවම් ලැබෙන්න පුලුවන් විශාල දඩයකුත් එක්ක. ඒ තරම් ඒම පනත භයානකයී.

මේක අපරාධ මැඩලීමට බාධාවක් නෙමෙයී මොකද ගහන්නේ නැතුව අවශ්‍ය තොරතුරු ගන්න පොලීසීය හොඳට පුහුණු වෙලා ඉන්නේ. පුරවැසිය තමයි තාම හිතන්නේ පොලීසීයෙන් ගැහැව්වොත් විතරයි තොරතුරු දෙන්නේ කියල. එතන තමයි අනෙක් හදන්න ඔනා තැන. පුරවැසියත් හිතන හැටී වෙනස් කර ගන්න ඔනා.

සතීයකට පමන පෙර පෑලීයගොඩ පොලීසීයේ නිලධාරීන් වීසීන් අමානුෂීක ලෙස පහරදී මරා දැමු තැනැත්තකුට ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට මිලියනයක් වන්දී ලබාදී තිබුනා. එම පොලීස් නිලධාරීන්ට මිනීමැරීමේ චෝදනා ගැන දැන් නඩු අහයී, මේව ලංකාවේ නීතීයේ සුභ ලකුනු වන අතර පුරවැසීය මේ ගැන වඩාත් දැනුවත් විය යුතුයි.

පොලීසීය ගැහැව්වොත් අනිවාර්යෙන්ම ශ්‍රේෂාඨාධිකරණයේ නඩු දාන්න ඔබට උදව්වට ඔන තරම අය ඉන්නවා, වහාම රෝහල් ගත වන්න හෝ රෝහලට දාන්න කියා දැන් අලුත් නීතීය අනුව ඔබව බලන්න එන මහෙස්ත්‍රාත්වරයාට කියන්න.  කැගහල කියන්න. පොලීසීය දෙවනත්‌ෙවන්න කැ ගහන්න. මොකද එතකොට මහෙස්ත්‍රාත්වරයා ඔබව කෑගහනව ඇහීලා ඔබ ගැන හොයා බලයී.

මහෙස්ත්‍රාත්වරය ඔබ ගැන්න පරීක්ෂනයක් කරන්න කියනවා අධිකරන වෛද්‍ය වාර්තාවක් ගන්නවා , ඔබව බේරගන්නවා.

මෙහීදී 1994 වද හිංසා පනත යටතේ වන වැරදී සම්බඳයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් කළ යුතුයි, අධීකරන වෛද්‍යවාර්තාවක් කැඳවීය යුතුයී, පරීක්ෂනයක් කරන්න කියා පොලීස්තීට නොයෝග කලයුතුයි, මේව මහෙස්ත්‍රත් තුමා කළ යුතුමයි. ඒසේ නොකොලොත් මහෙස්ත්ත්‍රාත් තුමාට එරෙහීව අධීකරන සේවා කොමිසමට පැමිනිලී කරන්න පුලුවන්. මේක බරපතල නීතීයක්. වඩා වගකීමක් සහ සම්මජයෙන් හිංසාව තුරන් කරන්න පුලුවන් නීතීයක්. පොලීසීයේදීම මහෙස්ත්‍රාත් තුමා ඔබෙන් ප්‍රකශයක් සටහන් කර ගන්නවා. මේවා වලක්වා ගැනීම සදහා පුරවැසි මානව හිමිකම් සංවිධාන වශයෙන් ඔබ සංවිධානය වෙන්න.

මේක අලුත් නීතීය ඒ හින්දා පරන කාලේ උනේ නැ කියල දැන් නොකර ඉන්න එපා. පොලීසීය සමහර වීට කියයී මහෙස්ත්‍රාත්වරයාට කිව්වෝත් තව ගහනවා කියල. එහෙම වෙන්නේ නැ. මහෙස්ත්‍රාත්වරයාට කිව්වෝත් එයට වහාම පියවර ගන්න පමණක් නෙවෙයි, ඔබව රෝහල් ගත කිරීම ද සිදු කරනවා. පොලීසීය ඔබව මහෙස්ත්‍රාත්වරයට  එන වීට හංඟන්න බලයි. එතකොට කුඩුවේ ඉන්න වෙන අයකුට කියන්න ඔබ ගැන මහෙස්‍ත්‍රාත්වරයාට කියන්න කියලා.

මේ නීතීය අපි හදා ගත යුතතේ මේ වීදීයටයී.

  1. පොලීසීයට ඔබ සමග යන්න ඔබ ගැන හොයා බලන්න නීතීඥවරුනට අවසර තියනවා. පොලීසීය නීතීඥවරුන්ට ආචරශීලීව සලකන්න ඔනා කියල පොලීසීයම හා ශ්‍රේෂ්ඨාධීකරනය දැඩීව කියල තියනවා. ඒතකොට ඔබ ගැන තොරතුරු පොලීසීයට ඔබේ නීතීඥවරයාට දෙන්න වෙනවා.
  2. ඒත් එක්කම ඔබේ ගෙදර අයට හා ඔබේ නීතීඥවරයාට පුලුවන් මහේස්‍ත්‍රාත්වරයා ඔබට පොලීසීය තුළ කරන පහරදීම ගැන තොරතුරු දෙන්න. එවැනි තොරතුරක් නීතීඥවරුන් ලිඛිතවම, දුරකථන මාර්ගයෙන් හා වෙනත් මාර්ගවලීන් දුන්නම හා පැමීනීලී කළාම මහෙස්ත්‍රාත්වරයා නීතීයෙන්ම බැඳීල ඉන්නවා ඔබව බලන්න එන්න හෝ ඔබ ගැන වාර්ථාවක් වහාම කැඳවන්න. ඒත්කොට පොලීසීය ඔබට ගහල නම් ඔවුන්ට රස්සව නැති වෙනව. හිරේ යන්න වෙනවා වන්දී ගෙවන්න වෙනවා. පොලීසීයට ලේසී වෙන්නේ නැ.

තවත් පියවරක් ඉදීරීයට ගිහිල්ල මානව හිමිකම් කොමීසමේ හොට් ලයින් එකට කෝල් කරන්නත් පුලුවන්. ඔවුනුත් පොලීසීයට කෝල් කරල ඔබ ගැන අහනවා, එතැනදීත් නීතීඥවරයගේ සහාය ගන්න.

දැන් බලන්න ඔබේ පවුලෙ අයට කියන්න ඔබ ගැන සෝදිසීයෙන් ඉන්න කියලා. නීතීඥවරයා පොලිසියට ඇවිල්ල ගියාම, මානව හිම්කම් කොමිසමට කිව්වම හා මහේස්ත්‍රාත්වරයාට කිව්වම පොලීසීය කොහොමටවත් ඔබට ගහන්න්නේ නැ. මොකද ඔවුන් දන්නවා ප්‍රශ්ණෙ දුර දීග ගිහින් කියලා. ඔබට ගහන්න එන්න කොටම ඔබ ගහන්න එන පොලීස් නිලධාරීයට කියන්න මට ගහන්න එපා. ඔබට විරුද්ධව මානව හිමිකම් නඩුවක් යන්වා කෝටියක් වන්දිය ඉල්ලනව කියලා. දැන්නටමත් මගේ නීතීඥවරයා පොලීසීයට එන ගමන් හා එයා මහේස්ත්‍රාත්තුමාට දන්වලා තියෙන්‌ෙන කියලා.

එතකොට මේ නව නීතීය නිසා පොලීසී ගහන්න ගත්ත අත ආපස්සට ගන්නවා.

මේක කිසීම විදීයකටවත් සර්ථක වන්නේ නැ, ඔබ ක්‍රියාත්මක උනේ නැත්නම් ඔබ වහාම ගෙදර අය යාලුවෝ ලවා ක්‍රියාත්මක වන්න පොලීසීයේ අයට දැනුවත් කරන්න ගැහුවෝත් වැඩ වරදීන බව.

මේ වීදීයට පොලීසීය නීතීයෙන් බය කරල තමයී පොලීසීයේ කරන වධ හිංසා නවත්වන්න පුලුවන්. ඔබ කොයිතරම් බරපතල වරදක් කරත්, මිනීමැරුවත් ඔබට ගහන්න පොලීසීයට බැ.

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී, පොලීසීයට වැඩ වරදීනවාමයී.

නීතීඥ ලක්ෂාන් ඩයස්

Similar Posts