ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා  අභාවප්‍රාප්ත විය.අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 78කි.

1943 ජුනි 19 වැනි දින උපත ලැබු බුද්ධික කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.1989 මහ මැවරණයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය.

කලක් කැපිටල් මහරාජා සංවිධානයේ සේවය කළ ඒ මහතා නීතිඥවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වේ.මෙරට ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය පුවත්පත් ගණනාවක සේවය කළ කුරුකුලරත්න මහතා සිංහල හා ඉංග්‍රීසි ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ කතුවරයෙකි.

ඉරිදා ලක්බිම පුවත්පතට ‘අම්බලන්ගොඩයා’ නමින් ඔහු සම්පාදනය කළ තීරු ලිපි පෙළ පාඨකයින් අතර බොහෝ ජනප්‍රිය විය.බුද්ධික කුරුකුලරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(10) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

Related posts