ලොකු දඬුවම් ඉස්සරහට – පෙම්වතා ගුරුවරියගේ කෙස් වැටිය කපා වැඩ වරද්ද ගනියි

ගුරුවරියක් වන සිය පෙම්වතියගේ කෙස් වැටිය කපා අඩන්තේට්ටම් කර, සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පෙම්වතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සදහන් කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන විට ඇය ආදරය කළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉරෝෂාන් ජයසූරිය නමැති පෙම්වතා එහි සිට ඇත.

පෙම්වතිය 138 මාර්ගයේ බස් රථයකට නැගීමට සූදානම් වීමේදී ’උඹත් එක්ක කතාවක් තියෙනවා. පස්සට වරෙන්’ කියා සැකකරු ඇයගේ පොත් බෑගයෙන් ඇද ’උඹට මම අද පොඩි දඬුවමක් දෙනවා.

මේක පොඩි දඬුවමක්. ලොකු දඬුවම් ඉස්සරහට’ යනුවෙන් පවසා පැමිණිලිකාරියගේ අඩි 3ක් පමණ දිග කෙස් වැටියෙන් කොටසක් කතුරකින් කපා වෙන් කරගෙන ගොස් තිබේ.

Related posts