පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා(08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය.

පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙර අරලිය සහල් මෝලෙන් සහල් කිලෝ ලක්ෂයක්  සතොසට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද අරලිය සහල් මෝලෙන් එම ප්‍රමාණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සතොසෙන් පැමිණි ලොරි රථ 20කට පමණක් සහල් ලබා දීමට එකග වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කීය.

නිපුන සහල් සහ ලත් පදුර අදාල සහල් තොගය ලබා දීමට එකග වී ඇති අතර සවස රත්න සහල් මෝල වෙත පාරිභ්හෝගික අධිකාරියේ නිලධාරින් යන බවද දැනගන්න ට ලැබී තිබේ.

කෙසේ වෙතත් පොලොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් තොග සතොසට මිලට ගෙන රජයෙන් ප්‍රකාශ කොට ඇති මිල ගණන්වලට පාරිභෝගියකයන් වෙත ලබා දීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ නියෝගයට අනුව පාරිභෝගික සේවා අධිකාරිය හා අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින් සහල් තොග ලබා ගන්නැයි වෙළද අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා උපදෙස් දී තිබිණ.

ඒ අනුව එම නිලධාරින්  (08) පොලොන්නරුවේ මහා පරිමාණ මෝල් වෙත පැමිණ මෙම සහල් තොග ලබා ගැනීමට කටයුතු කළහ.

මෙම අවස්ථාවන් ආවරණය කිරීම මාධ්‍යයට තහනම් වීම ද විශේෂිතය.පින්තුරවල දැක්වෙන්නේ අරලිය සහල් මෝල අසල තත්ත්වයයි.

Similar Posts