කොරෝනා වෛරස්  ඇතුළු විෂබීජ වලින් දෙපා ආරක්ෂාකරගැනීම  සඳහා විෂබීජහරණ විද්‍යුත් පාපිස්සක්  නිර්මාණය  කිරිමට  හොරණ  තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු  සමත්ව තිබෙි.

ශරීරයේ  සෑම ස්ථානයක්ම විෂබිජහරණය කලහැකි වුවත් පාදවල යටිපතුල් විෂබීජහරණය පහසු නොවෙි.එම නිසා විද්‍යුත්  පාපිස්සක් මගින් එය සිදුකිරිම මෙයින් සිදුවෙි.

හොරණ හල්පිට, පින්නකොළහේන පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයන්ත තරුණ මහතා මෙහි නිර්මාණකරු වෙි.

කුඩා මෝටරයක් ඇතුළු  සරළ උපකරණ භාවිතාකර නිර්මාණය කර ඇති මෙම පාපිස්ය නිවාස, කාර්යාල,කර්මාන්තශාලා අැතුළු  විවිධ  ආයතන සඳහා  සකස් කළ හැකි බවදපවසයි.

මෙම නව නිර්මාණ විද්‍යුත්  පාපිස්ස  ඉතා සුළු මුදලකින් නිර්මාණය කළ හැකි අතර දුරකථන අංක 075 920 8208 අමතා  තිළිණ ශ්‍රීනාත්  මහතා අමතා තොරතුරු  ලබා ගතහැකිය.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts