ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වාර්ෂික පවත්වන ලද 120 වැනි දළදා මංගල්‍යය පුණ්f්‍යාත්සවයේ අවසන් මහා දළදා පෙරහැර 2020 අගොස්තු මස 29 වන දින රාත්‍රියේදි විථි සංචාරය කෙරිනි.

විහාර මංදිරයේ තැම්පත් කර තිබු සරවඥධාතුන් වහන්සේ සහිත කරඩුව හිස මතින් ධාතුමංදිරය වෙත වැඩම කරවීම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල අතර දළදා කරඩුව හස්තිරාජයා මත සුභ මුහුර්ථයෙන් තැම්පත් කිරිම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකලේය.

මෙම පෙරහැරේ දළදා වහන්සේ තැම්පත්කල සධාතුක කරඩූව කෝට්ටේ රාජා හස්තිරාජයා පිට වැඩම කිරිම සිදූ කරනු ලැබු අතර, හිලැ අලි ඇතුන් රාශියක් ද ඉතා අලංකාර ලෙස පෙරහැරේ ගමන් කරන ආකාරයද දක්නට ලැබිණි.

උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායික නර්ථනාංග රාශියකින් හා වෙනත් දේශිය සංස්කෘතික අංගයන් රැසකින් සමන්විත දළදා පෙරහැර වීථී සංචාරය කෙරිනි. පෙරහැර විහරස්ථානයේ නැගෙනහිර වාහල් කඩින් පිටත්වී ප්‍රධාන මාර්ගයට පිවිස රජමහ විහාර පාරට හැරි විහාරස්ථානය වටා ඇති මාර්ගයේ ගමන් කර විහරස්ථානයට පිවිසෙන ප්‍රධාන මර්ගයෙන් පැමිණ ඉදිරිපස ප්‍රධාන වාහල් කඩින් නැවත පෙරහැර විහාරයට ගෙවදීම සිදුවිය.

එසේම සමිප්‍රධාණුකුල නැටුම් වැයුම් සමගින් විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, විභිෂණ සතර දේවාලයන් හි දේවාභරණ හස්තීන් මතින් වැඩම කරවීම ද පෙරහැරේදි සිදූ කෙරිනි. කෝට්ටේ රාජමහා විහාරයේ බස්නායක නිලමෙවරයා වන දායක සභාfවි සභාපති නිශාන්ත සෙනෙවිරත්න මහතා ඇතුළු සතර මහා දේවාල භාර නිලමේ වරුන්ද පෙරහැර ගමන් කලේය.

අති පුජ්‍ය අළුත් නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාශනා පරීදි කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වැඩසිටින ස්වාමින් වහන්සේලා හා විහාරස්ථාන දායක සභාව විසින් පෙරහැර සංවිධානය කර තිබිනි. පෙරහැර නැරඹිම සදහා මහාසංඝරත්නය හා දෙස් විදෙස් බැතිමතුන් වීශාල පිරිසක් පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස සිටින අකාරයද දැකගන්නට ලැබිනි.

ඉන් අනතුරුව පුරාණ චාරිත්‍රානුකුලව අගොස්තු මස (30) වැනි ඉරුදින උදැසන කෝට්ටේ යුගයේ පටන් ඓතිහාසික ස්ථානයක් වන දියවන්නා ඔය තොටුපලේ දිය කැපිමේ මංගල්‍ය පෙරහැර එම ස්ථානයට ගොස් දිය කැපිමේ චාරිත්‍රය ඉටුකර නැවත එදිනම සංද්‍යාවේ පෙරහැරකින් විහාරස්ථානයට ගෙවදිමෙන් පසු සවස දේව දානය පිරිනමා ගරායක් ශාන්ති කර්මයෙන් අනතුරුව මෙවර කෝට්ටේ රාජ මහා විහාරයේ ඇසල පුජොත්සවයේ වැඩ කටයුතු අවසන්විය.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts