බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස ඊයේ රාත්‍රී 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකු උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගතවූවන්.

මෙරටට ළඟා වූ එම පිරිස ඊයේ රාත්‍රීයේම නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා.

Similar Posts