කොරෝනා වසංගතයට පෙර ලොව මිලියන 690ක පිරිසක් ආහාර හිඟකමින් පෙළුණු බවත් වසංගතයෙන් පසු කාලයේදී තවත් මිලියන 132 ක පිරිසක් එම සංඛ්‍යාවට එකතු වී ඇති බවයි.

අප්‍රිකානු මහාද්වීපයේ බුර්කිනාවේ හා නයිජීරියාවේ දුප්පත්කම 73% කින් ඉහල ගොස් ඇතිබවත් විශේෂයෙන් බුර්කිනාව ඉතා දරුණු සාගතයකින් පිඩා විඳීමට ඉඩ ඇති බව එම සංවිධායනය පවසයි.

අසල්වැසි බංගලාදේශයද ඇතුළුව ලෝකයේ රටවල් 27ක ලෝක ආර්ථික අර්බුධය නිසා ඇතිවන ආහාර හිඟය නිසා එම රටවල වෙසෙන ජනතාව දහස් ගණනින් මියයාමේ තත්වයක් ඇතිවීමේ අනතුරක් ඇතිබව ඔවුන් පෙන්වා දෙයි.

බංගලාදේශයේ කොවිඩ් වසංගතය නිසා ඇතිවූ තත්වය නිසා ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව මිලියනයක අධික ප්‍රමාණයක කම්කරුවන්ට රැකියා අහිමිවිවුණු අතර එරට දළ ජාතික නිෂ්පධානයෙන් 16-20%ක් ලැබෙනුයේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත රැකියාවන් මගිනි.

පවතින තත්වය හමුවේ ඉහත රටවල් 27හි ජිවත්වන ග්‍රාමීය හා ගොවි ජනතාව රැකියා අහිමි තරුණයන්, කාන්තාවන් ගේ ජිවන තත්වය අනතුරට වැටී ඇතිබව අවධාරණය කරන ලෝක ආහාර සංවිධානය එම රටවල ගොවීන්ගේ කුෂිකර්මය නගා සිටුවීමටත්, කුඩා හා මධ්‍යම කර්මාන්ත දියුණුවටත්, එම රටවල දේශීය ආර්ථිකය නගා සිටුවීමත් අවශ්‍ය ආධාර ලබාදීම සඳහා මැදිහත් වන ලෙස ලොව ධනවත් රටවලින් ඉල්ලා සිටි.

මෙම වසරේ මුල් කාර්තුවේ ඇතිවූ කොරෝනා වයිරසය නිසා ලොව පුරා ඉතා දරුණු ආර්ථික අර්බුධයක් ඇතිවීමේ කඩඉමකට පැමිණ ඇති බව ආර්ථික විශාරදයින් පවසයි. රටවල් රාශියක සිදුකරන ලද සමීක්ෂණයකින් පසුව BBC ද වාර්තා කරනු ලැබුවේ ධනවත් රටවල ජනතාවගේ ජිවන තත්වය 45% කින් හා සංවර්ධනය සිදුවෙමින් පවතින රටවල එය 69%කින් පහතබැස ඇති බවයි.

කෙසේවෙතත් වසංගත කාලය තුල ලෝක ධනවතුන් විශාල පිරිසක් තමන්ගේ ප්‍රාග්ධනය 27.5% කින් වර්ධනය කරගෙන ඇතිබවද සඳහන් වේ.

Similar Posts