coronadeath

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10ක් සමග කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු 04වන දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොවිඩ් 19 ආසාදනය විමෙන් හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ මිය ගිය අයගේ පවුලේ පිරිස ඇතුළු 36 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම ආසාදිතයන් 23 දෙනා හදුනා ගැනිමට හැකිවු බවත්ය.

කොවිඩ් ආසාදනයෙන් මිය අයගේ පවුලේ 10 දෙනකු ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත් අනික් ආසාදිතයන් හැටන් දුබුරු ගිරිය,හැටන් සාත්තු නිවාස පාර, හැටන් ඩංබාර්, හැටන් සාලිය පුර, දික්ඔය නගරය, යන ප්‍රදේශවලින් හමුව ඇති බවත් හැටන් ගාමිණි පුර එම පවුලේ ආසාදිතයන් 10 දෙනා අතර අවුරුදු 05ට අඩු එක් අයෙක් අවුරුදු 18 අඩු 04 දෙනකුද සිටින බව එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts