ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර එම කි‍්‍රයාවලියෙන් පසුව ඔහු හොර රහසේම පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයාගේ ප‍්‍රධානම සගයා බව කියන රත්මලානේ ධර්මේ මෙරට සිදුවූ අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

Similar Posts