covid

“දරුවන්ට අධ්‍යාපනය නොලැබිමෙන් සිදුවන් සිදුවන විනාශය කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයැයි“ රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි  දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදි  කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා   අධ්‍යාපනසේවා රාජ්‍ය අමාක්‍ය පියල් නිශාන්ත දසිල්වා මහතා මේ බව කිවේය.කිවේය.

වර්තමානයේ කුමන ක්‍රමවේදයක් ඔස්සේ වුවද  ලබාදෙන  අධ්‍යාපනය සෑම දරුවෙකුටම සමානව නොලැබෙන නිසා  ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, අධ්‍යාපන ඇමතිවරයාගේත් මගපෙන්විම අනුව  පෙර පසල් හා ද්විතික පාසල්වල  ගුරුවරුන්ට එන්නත්කරනය සිදුකර  පාසල් හා පෙර පාසල් හැකි ඉක්මණන්  ආරම්භ කලයුතුව තිබෙනවා. මේ වනවිට එම වැඩපිළිවල ඉතා සාර්ථකලෙස සිදුවෙමින් තිබෙනවා.මෙරටට ගෙන්වු එන්නත්  ප්‍රමාණයෙන් ලක්ෂ තුනක් කළුතර දිස්ත්‍රික්කයට ලබාදිම පිළිබද අති ගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍ය තුමාටත් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ස්තුතිය පුදකරනවා.

විශේෂයෙන් මේ රටේ පෙර පාසල්  දරුවන් වෙනුවෙන් ඉතිහාසයේ කිසිම දිනක නොගත්ත තිරණ තින්දු රැසක්  මගින් ජයග්‍රහණ රාශියක් ලබාදිමට හැකිව තිබෙනවා. අයාලේ ගිය පුර්ව ළමවිය සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක්  සකස් කිරිමට හැකිවිම අප ලද විශාල ජයග්‍රහණයක් වෙනවා.  තැන  තැන ඉතා අවිධිමත්ලෙස සිදුකෙරුණු පෙර පාසල් පිළිබද සොයා බලන්නට, ඒවා විධිමත් කරන්නට වෙනම අමාත්‍යාංශයක් ඇති කිරිම මේ රටේ අනාගතය ගැන සිතා ගත්ත තින්දුවක් බව අප අමතක නොකල යුතුයි. පෙර පාසල් විධිමත් කර ඒවායේ අඩු පාඩු සොයා බලා අවශ්‍ය පහසුකම් ලබාදිමට අමාත්‍යාංශයක් ලෙස අපට හැකිව තිබෙනවා.

පෙර පාසල් ගුරුවරුන්ට දිමනාවක් ලබාදිමටත් අපට හැකිව තිබෙනවා.කොවිඩ් අර්බුදය හමුවේ සමස්ත පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සේම පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය  සම්බන්ධයෙන් මේ වන විට අප  තින්දු තිරණ රැසක්ගෙන තිබෙනවා. මේ වන විටත් පෙර පාසල් ගුරුවරියන්ට එන්නත් ලබාදිම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉතාම මෑතකදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙර පාසල් ආරම්භ කිරිමට කටයුතු කරනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts