රට තුළ ඇති වෙමින් පවතින අහිතකර තත්වය මේ රටේ උගතුන්ට, විද්වතුන්ට ද ඉක්මන් නරක කල දසාවක් නිර්මාණය කරමින් පවතින බව ද කරු ජයසුරිය අනතුරු අඟවා සිටියේය.
එම කාරණය පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.
”ඒ සදහා දැක්විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඔහු කටයුතු කරමින් සිටි ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමයි. මේ රටේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇති අන්දමට ඔහු අදාල තනතුරෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ මේ රටේ ජනතාව අවදානමකට ලක්විය හැකි කරුණකදී ඔහු රජයේ මතයට පටහැනිව නිවැරදි ලෙස ජනතාවගේ ආරක්ෂාව උදෙසා පෙනී සිටීම නිසයි. ”
මෙවැනි සිදුවීම් මගින් රටට ලබාදෙන පණිවිඩය කුමක් ද? තම වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් නිවැරදි ලෙස පෙනී සිටීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට පවා අද හැකියාවක් නැති බවය. මෙය ඉතාමත්ම ඛේදනීය තත්වයකි.
මීට පෙරද මේ ආකාරයටම කිර්තිමත් වෛද්‍ය විශේෂඥවරුන් කිහිපදෙනෙකුටම ඔවුන්ගේ තනතුරු අහිමිකල බව හා ඉල්ලා අස්වීමට යොමුකල බව මෙහිදී අප තේරුම්ගත යුතුය.
ජනතාව මෙවැනි දේ කිසිසේත්ම අනුමත කරන්නේ නැත. ඒ බව මේ රටේ බලධාරීන් තේරුම් නොගන්නේ නම් එය ඔවුන්ගේ ද අවාසනාවකි. ”

Similar Posts