අපේ රටේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් නිවාස තුලදී ගුටි ප්‍රහාර වලටත් මානසික පිඩා වලටත් ලක් වෙනවා. යැයි බතික් අත් යන්ත්‍ර හා දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  ඉත්තපාන දි කිවේය.

ජාතන්තර කාන්තා දිනයට සමගාමීව “ සවිමත් ලිය“කාන්තා සැමරුම ග්‍රාමී ආර්ථිකය ශක්තිමත් කිරිම වෙනුවෙන් ග්‍රාමිය කාන්තා ව්‍යවසායකයින් හැට දෙනෙකු වෙත ස්වයංරැකියා උපකරණ ලබා දීම හා ඉත්තැපාන බතික් ගම්මානයට මුල් ගල තැබීමේ උත්සවයෙන් පසුව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහකා මෙසේ කිවේය.

‘ වර්තමානයේ අපේ රටේ ජනගහනයෙන් සියයට 53 ක් දක්වා කාන්තා ජනගහනය ඉහල ගොස් තිබෙනවා. ඒ නිසා රටේ හැම ක්ෂේත්‍රයකම කාන්තා නියෝජනය ඉහල ගොස් තිබෙනවා. මගේ අමාත්‍යංශයෙත් එහෙමයි.

අපේ රටේ පුරුෂ පක්ෂය විවිධ කාර්යන්හි නියැලි සිටිනවා.නමුත් ඇතැම් තැන්වල ඔවුන්ගෙන් නිසි කාර්යක් සිදු වෙනවද කියලත් ප්‍රශ්න මතුවෙනවා. බොහෝ වෙලාවට බොහෝ තැන්වල දි අපේ කාන්තාව තවමත් අනවශ්‍ය පීඩනයන්ට ලක් වෙනවා. එපමණක් නෙවෙයි අත පය සවි ශක්තිමත් පිරිමින්ගෙ ප්‍රහාර වලටත් ලක් වන කාන්තාවන් අපේ රටේ සිටිනවා. අදටත් අපේ රට තුළම කාන්තාවන් විශාල වශයෙන් විවිධාකාර දුෂණයන්ට, පීඩනයන්ට ලක් වන බවට තොරතුරු ලැබෙනවා.

ඇතැම් වෙලාවට ඔවුන් ඒ ගැන පොලීසියට කියන්නත් බයයි. එවැනි කාන්තාවන් පොලිසියට ගියාම ඇතැම් වෙලාවට ඔවුන්ගේ ඒ කාර්යභාරය ඉටුකරගන්න ඔවුන්ව ඇතැම් නිලධාරීන් පාවිච්චියට ගන්නා අවස්ථා ගැන අසන්නට ලැබෙනවා. හිර ගෙදරට ගියාමත් හිරගෙදර තත්වයත් එහෙමයි. අපේ රටේ කාන්තාවන්ට හව් හරණක් නැහැ කියල ඇතැම් කාන්තාවන් කරන චෝදනාව සාධාරණයි. අපේ රටේ කාන්තාවන් මේ තාඩන, පීඩන සියල්ල ගිලගෙන ජීවිතය ගත කරනවා.

පිරිමින් ලෙස සෑම කාන්තාවකටම තමන්ගෙ මව, බිරිද, දරුවා විදිහට සලකනවා නම් මේ රට මීට වඩා හොද තැනක තියෙනවා. කාන්තාවක් නැගිටින්නෙ කොහොමද කියල කල්පනා කරන්නෙ එයා වැටුනට පස්සෙයි. කාගෙන් හරි හව්හරණක් ඇතිව වැඩ කරන තුරු තමන් නැගිටින්නෙ කොහොමද කියල කාන්තාවන් කල්පනා කරන්නෙ නෑ. වැටුන හැම කාන්තාවක්ම නැගිටල තියෙන්නෙ ඇය දන්නවා තමාට කවුරුත් නෑ ඉන්නෙ තමන් විතරයි කියල තේරුම් ගන්නවා.

සමහර පිරිමි මහ දවාලෙ ගෙදර නිදාගෙන ඉන්නවා. නැත්නම් මත්ද්‍රව්‍ය හොයාගෙන යනවා. කාන්තාව කන්න හම්බ කරල දෙනවා.එම නිසා කාන්තාවන් සම්බන්ධයෙන් අලුතින් හිතන යුගයක් නිර්මාණය කල යුතුයි. ගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ඉටු කරමින් තියෙනවා.

කාන්තා හා ළමා කටයුතු පිලිබද ඇමති ධූරය ප්‍රථම වරට පිරිමියෙකුට භාර දුන්නම ඇතැම් කාන්තා සංවිධාන චෝදනා කරන්න පටන් ගත්තා. නමුත් මේ වන විට රටේ සැම කාන්තාවක්ම, මවක්ම, දියණියක්ම සතුටු වෙනවා කාන්තාව ගැන. දරුවන් ගැන හිතන ඔවුන්ට ආදරය කරන ගුරුවරයෙක්, පියෙක්, ආදරණිය සැමියෙක් වු ඇමතිවරයෙකු මේ තනතුරට පත් වෙලා සිටිම ගැන.

වර්තමානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට එන පිරිස එන්න එන්නම අඩුවෙලා ගිහිල්ලා. ව්‍යාපාරයක් කරන්න හැකියි කියල ඉදිරිපත් වෙන්නෙ සියයට හතරක් පමණයි. දරුවෙකුගෙන් ඇහුවොත් කියන්නෙ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නැතිනම් ගුරුවරයෙක් වගේ කෙනෙක් වෙනවා කියලයි.

ලංකාවේ සෑම ආසනයකම බතික් පුහුණු ආයතන ස්ථාපිත කර මාස තුනක් නොමිලයේ පුහුණුව ලබා දීමට කටයුතු කරනවා. පුහුණුව අවසානයේ කර්මාන්ත ආරම්භ කිරිමට ණය යෝජනා ක්‍රමයක් සකස්කර ඔවුන්ට අවශ්‍ය දේශීය මෙන්ම විදේශීය වෙලදපළ සකසා දෙනවා.

පසුගිය දිනවල ජාතික කොඩිය පා පිස්නාවට, සෙරෙප්පු වලට යොදාගන තිබුණා. මේක අපේ ජාතික කොඩිය බල්ලට දාන්න දෙන රජයක් නෙවෙයි. අති බහුතර සිංහල බෞද්ධ ජනතාවක් සමග හැට නව ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුව පත් කර ගත්තෙ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ආදි ජාතීන්ට , සියලු ආගමිකයන්ට අභිමානයක්, ගෞරවයත් ඇතිව
ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සදහායි. කිසි විටක ඒ වගකීම අපේ රජය පැහැර හරින්නෙ නැහැ.

රටක ජාතික ධජය කියන්නේ පාපිස්සට. සෙරෙප්පුවට ගන්න දෙයක් නෙවෙයි. අපේ රටේ ජාතික කොඩිය පහතට දාපුවාම වාරියපොල ශ්‍රි සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය කොඩිය පහතට දාලා පාගල සිංහ කොඩිය ඔසවා ජාතියට අභිමාය ලබා දුන්නා. සමහර උගත් යැයි කියන කියා ගන්න අය ජාතික කොඩියෙන් කාන්තා යට ඇදුම් වුනත් නිර්මාණය කල හැකියි කියල තිබුණා. ඔවුන්ගේ තත්වය එයින් තේරුම් ගත හැකියි.

  • වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත රාජ්‍ය – අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා

අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් කාන්තාවන් නිසා බොහෝ අංශවල කාන්තාවන් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ගුරු වාත්තියේ සියයට 70ක කාන්තා දායකත්වය තිබෙනවා. අනෙකුත් වෘත්තින් වල තත්වයත් එහෙමයි.

ග්‍රාමීය ආර්ථිකයේ විශාල දායකත්වයක් දැරීමට වර්තමානයේ කාන්තාවට හැකිව තිබෙනවා. ස්වයංරැකියා ක්ෂේත්‍රෙය් විශාල පිරිසක් කාන්තාවන් නියැලෙනවා. තරුණ පිරිස මෙවැනි කර්මාන්ත අතහැර ගිහිල්ලා තියෙනවා. අද රටේ තරුණ වඩු කාර්මික ශිල්පියෙක්, මේසන් කර්මාන්ත කරුවෙක් හොයා ගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා. අද බොහෝ තරුණයන් ණය වෙලා ත්‍රිරෝද රථයක් අරගෙන හන්දිගානෙ රස්තියාදු වෙමින් සිටිනවා. ඇතැම් පිරිස් විවිධ විෂමාචාර වලටත් යොමුවෙනවා.

අපේ රජය පසුගිය රජය වගේ හුදකලා වෙලා අමාත්‍යංශ කටයුතු කරන්නෙ නැහැ. සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කටයුතු කරනවා. අපට අවශ්‍ය ශක්තිමත් ව්‍යවසායක පිරිසක් රට තුළ නිර්මාණය කිරීමයි. රාජය සේවය ලක්ෂ 16 කට වැඩියි. මේ බදවා ගැනීම් සමග තව දුරටත් ඒක ඉහල යනවා. රටකට එය දරා ගැනිම අපහසු වෙනවා. ඒඅසල්වැසි ඉන්දියාවේ සියයට 17ක් ව්‍යවසායකයින් සිටිනවා. ජපානයේ සියයට 37ක් ව්‍යවසායකයින් සිටිනවා. නමුත් අපේ රටේ එය සියයට 2.4ක් තරම් අඩු මට්ටමකට වැටිලා. එම නිසා රටේ කාන්තා ජනගහනය ග්‍රාමිය ව්‍යවසායකයින් කිරීමට කාන්තා දිනය තේමා කර ගන්මින් සිදුකන මෙම වැඩ පිළිවල අගය කළ යුතුයි.ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ නිර්මාණය කිරිම තුලින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළදපොල ජයගත හැකි වෙනවා.

  • කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් , ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා.දයාසිරි ජයසේකර මැතිතුමාට බතික් අත්යන්ත්‍ර හා පේෂ කර්ම අමාත්‍යංශය දෙනකොට සමහරු කිව්ව බතික් ඇමති එයාට කරන්න දෙයක් නෑ කියලා. නමුත් වර්තමානයේ දිදුලන අමාත්‍යංශය, බොහෝ දෙනා කතා කරන, ඇගට දැනෙන වැඩක් කල ඇමති දයාසිරි ජයසේකර බවට පත්වෙලා තියෙනවා..

ප්‍රසන්න රණවීර මැතිතුමාට මැටි කර්මාන්ත, වේවැල්. පිත්තල භාණ්ඩ ග්‍රාමීය කර්මාන්ත දෙනකොට කිව්වෙ වැඩක් නැති මැටි කර්මාන්ත ඇමති කියලයි. නමුත් අද එතුමා රටට ජාතික වශයෙන් දැනෙන යුග මෙහෙවරකට අත තියල තියෙනවා. අභියෝග ජයගෙන කටයුතු කර තිබෙනවා. අපේ අමාත්‍යමණ්ඩලයෙන් මුලින්ම ජනප්‍රිය වුනේ ප්‍රසන්න රණවීර ඇමතිතුමායි.

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කාන්තා දිනය එක් දිනයකට සීමා නොකර සතියක් පුරා වැඩසටහන් ආරම්භ කර වසර පුරා කාන්තාව සමග වැඩ කරන නව වැඩපිළිවෙලක් ඇතිකර තිබෙනවා. අපේ රජයේ අයවැය ඉදිරිපත් කරල තවම මාස එකහමාරයි. අපි වැඩ කරන්න පටන් ගත්ත විතරයි. ජනතාවට ඇගට දැනෙන වැඩ කොටසක්  ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා , ගරුඅග්‍රාමාත්‍ය මහින්දරාජපක්ෂ මැතිතුමා සමග අපේ රජය විශාල වැඩ කොටසක් කරගෙන යනවා.

නේචර් වොලන්ටියර්ස් ඇසෝසියේෂන් ආයතනයේ අධ්‍යක්ෂ චන්ද්‍රලාල් ප්‍රේමකුමාර මහතා, ජර්මන් ජාතික අක්තාර් බතික් මහතා ඇතුලු කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්විය.

‘ඉත්තෑපාන‘ වෙලද සන්නාමය අන්තර්ජාලයට මුදා හැරිමද මෙහිදී රාජය ඇමතිවරුන් අතින් සිදු කෙරුණි.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news

Similar Posts