එල් .පී.එල්. තරඟාවලිය සදහා පැමිණි ක්‍රීඩකයින් තිදෙනෙකු රන්න කහඳාමෝදර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය සදහා රඳවා තැබීම පිළිබදව කහඳාමෝදර ප්‍රදේශවාසීහු කළබලයට පත්ව තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට සදහන් කරන කිසිදු පුවරවක් ප්‍රදර්ශනය නොකොට මෙම සංචාරක හෝටලය තුළ නිරෝධායනය වෙන ක්‍රීඩකයින් නවතා ඇති බවයි.

මේ ප්‍රදේශය අයිති තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට. ඒ අය මේ ගැන දන්නෙත් නෑ . මේ සියළු දේවල් අධීක්ෂණය වෙන්නේ ඉහළ බලධාරීන් විසින්. ගමේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරයා දන්නෙත් නැතිව ඇයි හොරාට මෙහෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවල තියෙන්නේ කහඳමෝදර ගම්මු ප්‍රශ්න කරති.

අපට නිරෝධායන වෙන කවුරු ගෙනත් හෝටලය තුළ රදවා තබා ගත්තත් කමක් නෑ. නමුත් මේ හෝටලයේ සමහර සේවකයින් ගම සමඟ සම්බන්ධ කම් පවත්වනවා.

එය ගමට අනාරක්ෂිතයි.ඒ නිසා අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට නිරෝධායන කරනු ලබන ස්ථානයක් බවට සදහන් කරන ලියවිල්ලක් ප්‍රදර්ශනය කරන්න කියල තමයි අපි කියන්නේ. ඇයි මේ ගමට හොරෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවල තියෙන්නේ ගම්මු ප්‍රශ්න කරති.

තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ සංචාරක හෝටලය තුළ ක්‍රීඩකයින් තිදෙනෙක් නිරෝධායනය වෙන බවත් ඔවුන් පිළිබදව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් විසින් සොයා බැලීමක් කරන බවයි

අදාළ සංචාරක හෝටලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හෝටලය තුළ නිරෝධායන වෙන බව සත්‍යයක් බවයි. අප සිදු කොට තිබෙන්නේ නවාතැන් පහසුකම් ලබා දීම පමණයි.

ඔවුන් වෙනම ස්ථානයක රදවා තබා තිබෙනවා. කිසිදු හෝටල් සේවකයෙකුට එම ස්ථානයට යන්න අවසර නෑ.ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ප්‍රශ්නයක් නෑ.ඒ හැරත් කිසිදු සේවකයෙක් ගම සමඟ කිසිදු සම්බන්ධතාවයක් තබා ගෙන නෑ.

මෙම සංචාරක හෝටලය තුළ ඉන්දීය ජාතිකයෙකු කැනේඩියානු ජාතිකයෙකු හා පකිස්ථාන ජාතිකයෙකු සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts