ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය.

ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි.

එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත.

ඇය නිවන්ති කරුණාරත්නය.

එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන් වාදන ශිල්පිනිය ලෙස ඊට එක්වී සිටියාය.

ජෝ බයිඩ්න් සැක්සෆෝන් වාදනයට තමන්ට සුබ පැතූ බව නිවන්ති ප්‍රකාශ කළාය.

Similar Posts