ඉන්දියාවෙන් මාරාන්තික කළු දිලීර ආසාදිතයින් 9,000 ක්

kaludilira

මාරාන්තික කළු දිලීර රෝගය ආසාදිතවූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

රෝගය වැළදුණු පුද්ගලයින්ගේ මරණ අනුපාතය 50% ක් වන අතර, ඇස ඉවත් කිරීමෙන් පමණක් ඇතැමෙකුගේ ජීවිත බේරා ගත හැකි බව සඳහන් ය.

කළු දිලීර රෝගයෙන් දියවැඩියා රෝගීන්ට වැඩි බලපෑමක් වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතව සිට සුවය ලබා දින 12 ත් 18 ත් කාලය තුළ මොවුන් මෙම කළු දිලීර රෝගයට ගොදුරු වී ඇති බවයි.

Related posts