attack

සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ‍්‍රායල් ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මඟ පෙරලාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තවකැයි මේ වනවිට හෙළීවී තිබේ.

ඇයට පහර දෙද්දී තවත් කාන්තාවක එය වීඩියෝ ගත කර මුහුණු පොතට එක්කර ඇති අතර පසුව ඇය එම කාන්තාව ගෙන් තොරතුරු විමසා තවත් වීඩියෝවක් මුහුණු පොතට එක්කර තිබේ.

මෙසේ පහර කන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවක වන අතර ඇය ගම්පොල පදිංචිකාරියක බවත් අවිවාහක තැනැත්තියක බවත් පැවැසේ.

වසර 14 ක් තිස්සේ ඊශ‍්‍රායලයේ සේවය කරන ඇය වසර හතකට ආසන්න කාලයක් වීසා රහිතව සේවයේ යෙදෙන බව ඇය පවසා ඇත.

ඇය තාවකාලිකව නිවෙස්වල සේවය කරන බවත් එසේ සේවයකළ නිවෙසක 86 හැවරිදි කාන්තාවකට සාත්තු කර ඇති අතර මාසික වැටුප ඉල්ලන්නට ගිය අවස්ථාවේ මෙසේ පාරට ඇදගෙන විත් පහර දී ඇතැයි මේ සිද්ධිය සම්බන්ධව සොයා බලා ඒ පිළිබඳ ලංකාදීපයට තොරතුරු ලබා දුන් ඊශ‍්‍රායලයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක වන නාලිකා බේරුවලගේ මහත්මිය පැවැසුවාය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ මාධ්‍ය ප‍්‍රකාශක මංගල රන්දෙනිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ කිසිවක් මෙතෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට වාර්තා වී නැති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ගෙන්වා ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

lankadeepa

Similar Posts