corona

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන් ආසාදිතයින් 71,910 ක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 65,000 ක් ඊයේ වාර්තා විය.

මේ අතර කොරෝනා වෛරසයේ ආරම්භයෙන් පසුව ලොව රටවලින් මෙතෙක් සිදුවූ වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඊයේ දිනයේදීයි. එම සංඛ්‍යාව 14,089 ක් වනවා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 3,157 ක්. ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ 2000 කට අධිකයි.

Similar Posts