වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට ප්‍රහාරයක්

කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි.

10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “අපි සියල්ලන්ම මනුෂ්‍යයන්” බව මතක තබාගෙන සහයෝගය දක්වන ලෙස ඉල්ලා තිබේ.

Related posts