සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානාක්ගේ 550 වන සංවත්සරය සැමරීම සඳහා ඉන්දියාවේ සහ පාකිස්තානයේ සැමරුම් රැසක්  පවත්වා තිබේ.

සික් දහමේ මූලාරම්භය 15වන සියවසේදී පන්ජාබ් ප්‍රාන්තයේදී සිදු වු බවට සැලකේ. ගුරු නානක් දේව් එම දහමේ නිර්මාතෘවරයා වෙයි.

ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සික් බැතිමතුන් වාර්ෂිකව එම දිනය උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. ගුරු නානක් ජයන්ති” යනුවෙන් මෙය හැඳින්වේ.

සික් බැතිමතුන් වාර්ෂිකව එම දිනය උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

මෙම සංවත්සරය පැමිණෙන්නේ කර්තර්පූර් කොරිඩෝව  විවෘත කිරීමෙන් දින කිහිපයකට පසුව ය. වීසා බලපත්‍රයක් සඳහා අයදුම් නොකර ඉන්දියානුවන්ට පාකිස්තානයේ සික් ආගමේ ශුද්ධ වූ සිද්ධස්ථානයකට මෙදින හැකියාව ඇත.

අසල්වැසියන් අතර ඇති වූ නොසන්සුන්තාව නිසා මෑත වසරවලදී ඉන්දියානු බැතිමතුන්ට පාකිස්තානයේ මෙම ස්ථානය නැරඹීම දුෂ්කර වී තිබේ. නමුත් පසුගිය මාසයේ ඇති කරගත් ගිවිසුමකට ඉන්දියානුවන්ට ගුර්ද්වරා දර්බාර් සාහිබ් කර්තර්පූර් වෙත කිලෝමීටර් 4 (සැතපුම් 2.5) තරණය කිරීමට ඉඩ සැලසි ඇත. ගුරු නානාක් සිය ජීවිතයේ අවසාන අවුරුදු 18 ගත කළ ස්ථානය මෙය වේ.

ඊයේ දින පාකිස්තානයේ සීක් බැතිමතුන් ලාහෝර් නගරයේ සිට කිලෝමීටර් 80 ක් (සැතපුම් 50 ක්) දුරින් පිහිටි ගුරු නනාක්ගේ උපන් ස්ථානය වන නන්කානා සාහිබ් වෙත රැස් වූහ.

Similar Posts