ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ.

සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය එල්ල වූ පල්ලියේද අධික බැතිමතුන් ප්‍රමාණයක් බෝම්බය පිපිරුන අවස්ථාවේ සිටි බවට වාර්තා වෙයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ නාගර්හාර් පළාතේ පිහිටි පල්ලියකටයි.

ඇෆ්ගනිස්ථාන ජනාධීපතිවරයා වන අශ්රෆ් ගහානි මෙම ප්‍රහාරය පිළීකුලෙන් හෙළා දකියි. ඇෆ්ගනිස්ථාන රජය මේ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ තලේබන් සංවිධානයට හා එහි කොටස්කරුවන්ටය.

ඇෆ්ගනිස්ථානයේ මෙම වසරේදී සිවිල් ජනතාවට එල්ල වූ ප්‍රහාර පෙර වසරට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ‍මෙම වස‍රේ ජනවාරියේ සිට මේ දක්වා සිවිල් ජනයා එල්ල කරගෙන සිදු කරනු ලැබූ ප්‍රහාර හේතුවෙන්  647 ‍දෙ‍නෙකු මිය ගොස් ඇති අතර 2563 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල වාර්තාවක දැක්වේ.

Similar Posts