ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

බේරූට් හි  තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත.

ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර, එහි උත්තරීතර ආරක්ෂක මණ්ඩලය බේරූට් නගරය ආපදා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

2020 අගෝස්තු 04 වැනි දින සිට සති දෙකක කාලයක් සඳහා එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලෙබනනය 2020 අගෝස්තු 10 වැනි දින දක්වා අගුලු දැමීමේ තත්වයේ පවතී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරන අතරතුර,  තානාපති කාර්යාලය දිනපතා පැය 0800 සිට පැය 1600 දක්වා අඛණ්ඩව මහජන සේවය සහ විමසීම්  කටයුතු සඳහා විවෘතව පවතියි.

මෙම හදිසි ආපදා තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් එහි සේවාවන් හා  උපදෙස් ලබා ගැනීමට විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් යොමුව ඇත.

ශානිකා

Similar Posts