mask

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා.

එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ.

මෙම නීතියට අනුගත නොවන වැසියන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක් දඩ ගැසීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා. එය ලංකා මුදලින් රුපියල් 26,000කට ද අධික මුදලකි.

Similar Posts