corona

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත.

ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත.

මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්‍රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි ගැසීම් වර්ධනය වීමෙනි.

ඇස්ට්‍රාසෙනෙකා පැවසුවේ සායනික අත්හදා බැලීම්වල දී ඖෂධයේ ආරක්ෂාව පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති බවයි.

Similar Posts