හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය.

හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි.

මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර දැමූ අවස්ථාවේ එම තීරණය වෙනස් කිරීමට එකඟ වී තිබේ.

2020 මුල් භාගයේදී මේගන් සහ හැරී සිය ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත් වූ අතර වත්මනෙහි කැලිෆෝනියාහි ජීවත් වේ.

ඔවුහු මේ වනවිට සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටිති.

Similar Posts