I CAN’T BREATH..

සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දණහිසට තෙරපී තත්පරයෙන් තත්පරය අහිමිවන හුස්ම ඉල්ලා , නිරායුධ අමෙරිකානු කළු ජාතිකයා නැගූ හඬ මේ වන විට ලොව පුරා රැව් දෙමින් පවතියි.

වර්ණභේදවාදයට එරෙහිව අමෙරිකාවේ ඇවිලෙන විරෝධතා තවත් උත්සන්න වී ඇති අතර ආරක්ෂාව පතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හමේ පැහැය මත මිනිසුන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් අමෙරිකාවට ඇත්තේ කනගාටුදායක ඉතිහාසයක්.

කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය නිමා වී නැහැ.

ෆ්ලොයිඩ් සිය අවසන් හුස්ම හෙළන්නට පෙර පැවසූ I CANT BREATH, “මට හුස්ම ගන්නට බැහැ” යන වදන් පෙළ තේමා කර ගනිමින් ලොව පුරා පුවත් මැවෙමින් ඇත.

සිද්ධියට වගකිව යුතු ‘මිනියාපොලිස්’ නගරයේ පොලිස් ස්ථානය මේ වනවිට ගිනිබත් කර ඇති අතර, පොලිස් රථ වාහන ගිනි තබමින්, කඩසාප්පු මංකොල්ල කමින් සිදුවන විරෝධතා තවමත් අවසන් වී නැහැ.

Similar Posts