ඉන්ධන මිල ඉහළ දැමීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවන බවත් එය ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කොට එක්ව ගත් තීන්දුවක් බව දන්නා බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සංචරණ සීමා පැනවීම නිසා අසරණ බවට පත්ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ශ්‍ය නිෂ්පාදන කර්මාන්තකරුවන් පිරිසකට මුල්‍යාධාර ලබා දීමේ අවස්ථාවකට ඊයේ (14) එක් වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මෙසේ ද කීය.

“අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වන විට මේ රට දැඩි ආර්ථික අර්බුදයක් තිබුණු රටක් මේක.ආර්ථික වර්ධන වේගය අඩුවෙලා ණය වැඩි වෙලා ඩොලර් එක ඉහල ගියපු රටක මූල්‍ය ස්ථාවරය පවත්වාගැනීමේ දී කැබැනට් මණ්ඩලය සමග අතිගරු ජනාධිපතිතුමාට යම් යම් තීන්දු තීරණවලට එළඹෙන්න සිදුවෙනවා

.එහෙම අවස්ථාවක් තමයි තෙල් මිල වැඩිකිරීමත්.එය උදය ගම්මන්පිල ඇමතිතුමා තනියම ගත් තීන්දුවක් නොවන බව අපි විශේෂයෙන් දන්නවා.ඒ නිසා මෙය රජය හැටියට මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගන්න ගත්ත තීරණයක් කියලා කියන්න පුලුවන්.”පින්තූරවල දැක්වෙන්නේ විසිතුරු මසුන් කර්මාන්තකරුවන්ට මුදල් ආධාර ලබා දෙන අන්දමයි.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

Similar Posts