manthree

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත.

සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍යන්හි සංසරණය වෙයි.

එම අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත්තේ,

‘මේ වන විට රට පුරා සිටින ගොවීන් පොහොර සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින අවස්ථාවේදී මහකන්නයේ ගොවිතැන් ආරම්භ වී ඇති අතරම ගොවීන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට සැමදා ගොවින් වෙනුවෙන් හඩ නගන බවටය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Similar Posts