කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමට ඉකුත් ආණ්ඩුව කර ඇති ගිවිසුම්ගතවීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අහෝසි කළ නොහැකි නිසා  ආයෝජනයක් කිරීමට සිදුව ඇතැයි  පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය.

ඉකුත් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට අලෙවි කිරීම නිසා යළි කිසිදු අවස්ථාවක මෙරට පුරවැසියෙකුට එම වරාය බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන බව ගන්නෝරුවේදී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීවේය.

නමුත් කොළඹ වරායට එවැනි තත්ත්වයක් සිදු නොවන බවත් ආණ්ඩුව උත්සය කරන්නේ ව්‍යාපාරික අවස්ථා තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට යැයි කී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

හම්බන්තොට වරාය අලෙවි කිරීමේ දී සියයට සියයක හිමිකාරීත්වය චීනයට හිමිවුවත් නැගෙනහිර ජැටියේ සියයට 51ක හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුයි. එමෙන්ම වසර 35කට පසු අපට යළි එය හිමි වෙනවා. එම කාලය තුළ වරාය සංවර්ධන කටයුතු ආයෝජකයන් විසින් සිදු කරනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟින් සාකච්ඡා වෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts