බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

slteam

බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය.

කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 ලකුණු 28කදී බිඳ වැටුණි.

බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 189 යි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 16ට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු එක්දින තරගයක ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව මෙය වේ.

Related posts