ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පාකිස්ථාන සංචිතය සඳහා ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයින් කැඳවා ඇත.

පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් නිළධාරියා වන මිස්බා උල්හක් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝගාබාධ තත්වයන් හේතුවෙන් එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ශහීන් ෂාහ් අෆ්රිඩි සහ හසන් අලී යන ක්‍රිඩකයින් මෙම සංචිතය සඳහා ඇතුළත් වන්නේ නැහැ.

ශ්‍රි ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරගය ලබන 27 වනදින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි.

cnews live,dailyreporter

Similar Posts