වසර 20කට පසු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක ආරම්භක ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කරමින් ඊයේ (14) සංචාරක එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා විය.

ඊට පෙර වසර 2000දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී යෑමෙන් එම වාර්තාව ගොඩනැඟී තිබිණි.

ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් අද පත්විය.

මෙලෙස ලකුණු නොලබා අඛණ්ඩ සිව් වතාවක් දැවී ගිය, පිතිකරු ලැයිස්තුවේ නොම්බර 1 සහ 6 අතර සිටින ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.

01.පන්කාජ් රෝයි (ඉන්දියාව) 1952 එංගලන්තයට එරෙහිව
02.ලෝරි මිලර් (නවසීලන්තය) 1953-54 දකුණු අප්‍රිකාවට එරෙහිව
03.මාර්ක් වෝ (ඔස්ට්‍රේලියාව) 1992 ශ්‍රී ලංකාවට එරෙහිව
04.කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) 2021 දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිව

ඊයේ පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස් කර තිබිණි.

කඩුලු 8ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 8ක් පසුපසින් සිටී.

Similar Posts