upul-tharanga

Road Safety පන්දුවාර 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණි.

ටී.එම්. ඩිල්ෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.තරගයේ වීරයා සම්මානය උපුල් තරගට හිමිවිය.ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගීවන මීළඟ තරගය ලබන 14වැනිදා එංගලන්ත ලෙජන්ඩ්ස් පිල සමග පැවැත්වේ.

Similar Posts