බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් විය

බ්‍රයන් ලාරා ලකුණු 53ක් ලබා ගත්තේය.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය පන්දු ඕවර 19ක් තුලදී පසුකර යාමට සමත් වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග පන්දු 35ක් තුලදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 47ක් රැස් කළ අතර චාමර සිල්වා පන්දු 15ක් තුලදී ලකුණු 22ක් රැස් කර ගනු ලැබුවා.

තරගයේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනා ගනු ලැබුවා.

 

 

Similar Posts