සංක්‍රමණික සේවකයන් පිලිබඳ ලංකාවේ නීතීය

law
ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවකයන් පිලිබඳ දැඩී උනන්දුවක් ඇතීවුයේ 2019 ජනාධීපතීවරනයේදී හා අනතුරුව පශ්චාත් කොවිඩ් සමයේදීය. ඊට පෙර විවිධ පාර්ශව හඬ නැගුවත් ඒව එතරම් සැලකිල්ලට ගැනීමක් නොවීය , 1990දී පමන රාවය පුවත් පත මැදීහත්ව කුවෙට් කඳුලු නමින් ඡායාරුපමය මැදීහත්වීමක්ද රන්ජන් රමනායක මහතා විසින් නිරතුරුවමද සංක්‍රමණික සේවකයන් පිලිබඳව හඬ නැගීමක් විය.
ශ්‍රී ලංක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ආරම්භක සභාපතිවරයා වුයේ ඩේවිඩ් සොයිසා මහතාය එම පනත නිර්මණයෙහිලා ඔහුගේ දැඩි දායකත්වයක්ද වු බව ප්රකටය පසුකාලීනව ඔහුගේ දායකත්වයෙන්ද පිහිටවු සංක්‍රමණික මධ්යස්ථානයට Mgrants Centre සංක්‍රමණික සේවකයට චන්ද අයීතීය ඉල්ලු පලමු සංවීධාවලින් එකකී, ACTFORM නමින් හැඳින්වු සංවිධානයක් 1990 ගනන්වල අග භාගයේ පිහීටවු අතර ලියුම් කරුද එහි සංවීධාන සාමජීකත්වයේ කටයුතු කර ඇත.
ඇමරීකානු සොලිඩැරිටී ආයතනය හා පසුව සොලිඩැරීටි සෙන්ටර් Solidarity Centre නමින් අද පවතින සංවීධානයද සංක්‍රමණික සේවකයන් වෙනුවෙන් කටයුතු කල ආයතනයන් විය YMCA හා .Caritas ආයතනද වෙනත් කාන්තා හා ප්‍රාදේශීය සංවීධානද මේ විශයේ කටයුතු කර ඇත.
මුල් කාලීනව බොහෝ සංවිධාන පෙරගමන් හුරුව pre departure orientation තම මුලික කර්තව්ය කරගත් අතර අයිතීන් Rights or justice ගැන වැඩි යමක් නොවිය. එයට මුලිකම හේතුව වන්නේ ඒ සඳහා පසුව විස්තර කරන ලෙසම වියුහයක් නොවිමයි.
වසරකට ඩොලර් බිලියන 8 ක් පමන ආදායමක් රටට දායක කරන නිසාවෙන් දෝ හෝ වෙනත් දේශපාලන න්යායපත්‍ර නිසා වෙන්දෝ නොදනිතත් පසු කාලීනව මෙම කාණ්ඩය රට විරුවන් ලෙසද හැඳීන්විනී.
සෘජුදායකත්වය හැරුනු කොට වක්රව ගුවන් ගමන් , පාස්පොර්ට් හා සිය රටට නැව්ගත කිරීම Freight ගුවනින් බඩු ප්‍රවාහනය Air cargo , ලාංකීය කැම වර්ග පුවත්පත් අපනයනය , ලාංකීය සංගීත කංඩායම්හී වාර්ශික විදේශ සංචාර හා සංක්රමණික සේවකයන් ලංකාවට ලබා ගන්නා සැම ජ්‍යාතයන්තර දුරකථන ඇමතුමකටම විනාඩියකට රුපියල් 5 කට ආසන්න මුදලක් වශයෙන් , අති විශාල මුදලක් හා විදේශ විනිමය සංචිතයක්ද , හවාලා Hwala, උන්ඩියල් වැනි නීති විරොධි ක්රම හරහ අනීතික භාන්ඩ ආනයනයටද මොවුන් දායක වෙයී. මේ සියලු දේ කරන සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාවට ලංකවේ නීති ඇතිද?
මගේ ගුවන් ගමන් පතේ ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදීංචී වීමේ මුද්රාව ඇත , එනයින් ගත කල මාද සංක්‍රමණික සේවකයේකි.
මා විදේශ රටවල ජීවත්වු කාලයේ ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවක සංවිධාන දෙකක උපදේශකයකුද , නීති උපදේශකයකුද , ජාත්යන්තර සංක්‍රමණික සේවකයන් සඳහාවු ආයතන කිහීපයක සාමජීකත්වයද දරා හා ලංකාවේ ඇති එවැනි ජාල කිහීපයක සාමාජීකත්වයද , සමහරක සමාරම්භකයාද හා නෛතික ආයතනයක් වු ALFEA ආයතනයේ නිලනොවන උපදේශකයකු හා වරෙක ඔවුන්ට එරෙහීව නඩු කටයුතු කල නීතීඥවරයකුද වශයෙන්ද කටයුතු කර ඇත.
ලංකාවේ නීතීය.
මා මෙම කරුනු දැක්වීමේහිලා යොජනා කරන්නේ ලංකාවේ සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමට නීතියක් නොමැති බවත් මුලික අයීතිවාසිකම් පොදු නීති හා පනත්හි ආරක්ෂාව පමනක් ඇති බවත්ය ඉනුත් ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශ පනත විදේශ රැකියා සපයන බලපත්රකරුවන් නියාමනයට විනා එහි කිසිදු වචනයක් සංක්‍රමණික සේවකයන්ට අයිතීවාසිකම් ඇති බව පිලිනොගනි. එහි යම් පමනකට හෝ ඇත්තේ සංක්‍රමණික සේවකයන්ට ආරක්ෂාව හා සුභසාධනය කල හැකි බව පමනි.
1985 අංක 21 දරන ශ්රී ලංකා විදේශ සේවනියුක්ති කාර්යංශය පනත යනුවෙන් හා 1994 හා 2009 වර්ශයන්හි එයට කල සංශෝධනද සහීතව පවත්වාගෙන යන නීතිය මත ඉහත තත්ත්වය ඇතී බව යෝජන කරයි.
පනත මගින් 1980 අංක 32 දරන විදේශසේවා නියුක්තී නියෝජන පනත ප්‍රත්යදීශ්ඨ කොට විදේශ සේවා නියුක්ති කාර්යංශය පිහිටුවීම හා එහිි බලතල හා නියාමනය සඳහාම පැනවු පනතකි. මෙම පනත මගින් විදේශ රැකිය බලපත්ර හිමියන් නියාමනය කරයි.
පනතේ 15 වන වගන්තිය තෙක්ම පවතින්නේ ආයතනය විශයේ විදේශ රැකියා අමාත්යවරයා හෝ කම්කරු අමාත්යවරයා සතු බලතල හා කාර්යංශයේ බල ව්‍යුහය එහී අනුශාංගීක කරුනුය.
15 වන වගන්තිය කාර්යංශයේ පරමාර්ත විස්තර කරයී. එහිදී මා කලින් යෝජන කල පරීදිම වෙලඳපොල අරමුනු කරගත් හා ප්රාග්ධනය අරුමුනු කරගත් නියාමන පරමාර්තය. එහි දී කාරනා තුනක් හැර අනෙක්වා සියල්ලම වෙලඳ පොල හා නියාමන පරමාර්තය එහීදී සංක්‍රමනීක සේවකයන්ගේ සුභසාධනය ගැන කියුවත් එම සුභ සාධනය කුමක්දැයී නොකියයී, එක් විශේෂ කාරනයක් ලෙස කිව්වත් එනම් ආරක්ෂාව භාර ගන්න බව කීවත් එයද නිවැරදී ලෙස නිර්වචනය කර නැත.
සුභ සාධනය පමනක් උලුප්පා දක්වා ඇත. එය විස්තර කර නැත එමෙන්ම අවසානයේ නැවත සියරට එන සංක්රමනික සේවකයන් පුනුරුත්තාපනයක් ගැන කථා කලද එයද පැහැදීලී නැත. එය මා හිතන අකරයට reintegration . නැවත අවශෝෂණය කර ගැනීම විය යුතුය. සුභසාධක අරමුදලක් පිහිටුවීම පරමාර්තයකී එම අරමුනට පිහිටුව ගත් අරමුදල භාවිතා කල ආකරය සුභ සාධනයමද යන්න රජය විගනනය කල යුතුය.
මන්ද අලුතෙන් පත්ව එන රජයන් පෙර රජයන්හී මේම අරමුදල භාවීතාව ගැන බොහෝ කරුනු පර්ලීමේන්තුවේ පැවසීම පමනක් නොව හා එම පරීක්ශන වලට කුමක්වුනාදැයී හෝ පසු විපරම් කිරීමට හැකියාව ඇති සංක්රමනීක සංවීධාන ඇතීදැයී නොදනීමී.
පනතට අනුව විෂය භාර අමාත්යවරයාට බොහෝ බලතල ඇත, සභාපතීවරයා අමාත්යවරයාගේ නියෝජිතයකුගේ තත්ත්වය වැටී ඇත. කාර්යාංශයේ අරමුදල ගැන පනතේ ඇත එයට රජයෙන් හා වෙනත් උපයා ගැනීම් වලින් මුදල් ලැබේ වීගනනය කිරීමක් කරන්න
සැම සංක්‍රමණික සේවකයකුම අවම වශයෙන් රුපියල් 17,000/= ක මුදලක් වත් රජයේ ගාස්තු වශයෙන් ගෙවීය යුතුය , සමහරුන් ඉට වඩා මහ විශාල ගනන්ද ගෙවයී.
විදේශ රැකියා බලපත්ර හිමියන් විසින් තම වාර්ෂික ගාස්තු වලට අමතරව වෙනත් බොහෝ ගෙවීම් කරයි .
රජයෙන් සේවක වැටුප් සඳහා හා වෙනත් කාර්යන්ට අරමුදලට ප්රතිපාදන සපයයි.
රක්ෂනය ද පොදු ඒකක් Bulk insurance.. ඒයට ගෙවන වාර්ශීක ගනන ගැනද ඒම ආයතන මැසිවිලි නගති. අපට ගෙවන ගනන් ද සොච්චමක්. පිටරටවල අපව බලා ගන්නේ කෙසේද? මේවා හැමෝම දන්න කරනාය.
මේවා පනතින් නිසි ලෙස ආවරණය වෙනවාද?
උදාහරණයක් වශයෙන් 2019 වසරේ විදේශ ගතවුවන් දල වශයෙන් 225,000ක් වශයෙන් ගත්හොත් ඔවුන්ගෙන් අයකර ගන්නා මුදල දලවශයෙන් 3,825,000,000/= කී, ( 225000 × 17000/= ) ඉහත රජයේ ප්රතිපාධනද ගත් කල කාර්යාංශ අරමුදල විශාල එකකි, 17,000/= ක අවම මුදලින් 55% ක් බලපත්ර ලාභීන්ට ගෙවීය යුතුවුවත් ඉතීරීවන මුදල සුවිශාලය .
පහ සමත් දරුවන්ට හා සාමානය පෙල සමතුන්ට දෙන ශීෂයත්ව තැගීද වෙනත් සුබ සාධනයද මේසෙ අවුරුදු ගනනාවක් වාර්ශීකව එකතුවු මුදල්ද කාර්යංශය වෙත තබා ගන්නා Escrow Fund. එකද විගනනය කල යුතුය.
මෙවැනි පාර්ලිමේන්තුවේ වත් එකතුවෙනවා නම් හොදයි
එසේ කර තෝරා බේරා ගන්නා අතිවිශාල මුදල මේ මොහොතේ වත් සංක්‍රමණික සේවකයන් ගෙන්වා ගැනීමට වැය කල යුතුය.
පනතේ 22 වගන්තීය යටතේ තානාපතී සේවයට අනුයුක්ත කාර්යාංශයේ කම්කරු නිලධාරීන් එනම් labour attached.ලට සුවිශේශී වගකීමක් පනත මගීන් පවරා ඇත,
එහෙත් පසුගිය වස්සර 45 කට ආසන්න කාලයේ ලංකාවට මිනී පෙට්ටිවලින් ආපු හා කෘර වධහිංසාවන්ට ලක්ව පැමිනී සේවීකාවන්ට හෝ සේවකයන්ට ඔය පනතේ 22 වගන්තීයේ සාධාරනය වුවාදැයී විගනනය කල යුතුය
සමහර හිස් අතින් පැමිනෙන ගෘහ සේවිකාවන් නැවත ගුවන් තොටුපලේද අපයෝජනයවන්නේ මේ 22 වගන්තීය නිසි ලෙස ක්‍රියාත්මක වන නිසාද?
ශ්‍රීලංකා භුමීයේම කොටසක් වන තානාපතී කාර්යලවල හෝ ඉන් පිටත පවත්වාගෙන යන සුරක්ෂා නිවාස ඇත්තටම සුරක්ශා නිවාසද ?
ලිංගීක අපයෝජනයන්ට ලක්වන විශාල සංඛ්යාවක් කාන්තාවන්ට මෙම වගන්තීයේ පිහිට ලැබේද?
මේ සම්බඳව අපට ලංකාවේ අධීකරන වල නඩු පැවරීම කල හැකි නේද ? එවැනි නඩු පවරා ඇති  නිසාවට එය කල හැකි බව පමනක් මම පවසමී .
සෞදී අරාබිය වැනී රටවල් ගෘහ සේවකයකු ලබා ගැනීමට රුපියල් 700,000ක් පමන එරටේ ඒජන්සී වලට ගෙවයී එයින් හොඳ ප්‍රතී ශතයක් මෙරටට එවෙයි, එයින් 250,0000/= කට ආසන්න මුදලක් එලෙස විදේශ ගතවන කාන්තාවන්ට විදේශ ගතවීමට පෙරම ලැබෙයී ලංකාවේ ඒජන්සිකරුවා ඒවා කලින්ම ගෙවයී
අවුරුදු 5ට අඩු ලමයින් ඉන්නා කාන්තාවන්ට රට යා නොහැක, ඒමෙන්ම ආබාධිත ලමයින් ඉන්න කාන්තාවන්ටද රට යා නොහැක ,
පිරිමින්ට අවුරුදු 5ට අඩු ලමයී සීටීයත් රට යා හැක, මෙයට එරෙහීව අධීකරනවල නඩු පැවරුවත් එවා සාර්තකවී නැත. කන්තාවන්ට රට යාමට තම පුරුශයගේ අනුමැතීය අවශ්ය.මෙය අභියෝග කලයුතුය
වතු කම්කරු කාන්තාවක්නම් තම ස්වාමීයගේ අනුමැතියට අමතරව වතු පාලන අධීකාරීයේද අනුමැතීය ගත යුතුය , මෙය FBR නම්වේ ,
ඒහෙත් ආන්දෝලනයකට ලක්වු රු රැජිනක් තම සම්මුක සාකච්චාවකදී කියා සිටියේ තමා තම දරුවාට මාසයකට ආසන්න කාලයකදී රට ගිය බවය , නීතිය එකම නොවන බව පෙනේ. මේ ගැන කාර්යංශයෙද විවිධ අක්‍රමිකතා වන බව පෙනේ. මේවා ගැන අල්ලස් කොමිසමටද විජය උඳුපිටිය මහතා පැමිනිලි කර ඇත.
බොහෝවිට ඒජන්සිකරුවා යකෙකු ලෙස මාධ්ය හදුන්වා දෙයි ඒහෙත් කාර්යාංශ වඩා නරක බව මගේ හැඟීමයි. දුප්පත් කම වෙලඳ භාණ්ඩයක් වි දුප්පත් කම අපනයනය වීම ආර්ථීක කාරනයකී. ඔවුන්ට නෛතිකව අයිතිවාසිකම් දීම ඔවුන් ශක්තිමත් කිරීමයි.
පනත බොහෝ අඩු පාඩුවලින් යුක්තය සංක්රමණික සේවකයන්ට අයිතිවාසීකම් ඇතී බව පනත නොපිලිගනියි, පෙරලා තම රට පැමිනීම මුලික අයිතිවාසීකමක් බව රටේ ව්යවස්ථාව පිලිගනී. එහෙත් එහෙමවත් එන්න බැරි බව පෙනේ, එවාට කවුරුන් හෝ නඩු කිව යුතුය මුලික අයීතිවාසෙකම් එයට ප්‍රමාන්නවත්ය , රීට් නඩුද බොහෝ දේ කල හැකි ප්‍රතිකර්මය .
අවශ්ය වන්නේ අඬ අඬා සීටීම නොව නීතීය උපයෝගී කරගෙන මේ සුවීශේශි වැදගත් කමක් කරන ලංකාවට විදේශ විනිමය දෙන රට විරුවන්ට අයිතිවාසීකම් , චන්ද බලය හා , විදේශ වලදී ආරක්ශාව සැපයීමය , ඔවුන්ට පනතේ නැති ආරක්ෂාව මුලික අයිතිවාසිකම් හරහා ලබා ගත යුතු බව මගේ අදහසයි. චන්ද බලය ඉල්ලා නඩු මගට යා හැකි නම් හොදයි.
බහු පාර්ශ්වික හෝ දීවීපාර්ශ්වික ගිවිසුම් නැවත කියවිය යුතුය සමහර ගිවිසුම් ස්සේවකයන්ට අහිතකරය උද හරනයක් වශයෙන් Runaway Maid හෝ පලායන සේවීකාවක් රියල් 25000 ක් දඩ ගෙවීය යුතුය ලිංගික අපයෝජනයකදී කාන්තාවකට කල හැක්කේ , එයයි පලා යාම පමනි එහෙත් පලා ගියොත් 25000ක් එනම් රුපියල් 750,000 ක් පමන දඩ ගසයි පලා යන ඇයම වරද කරුවේ ඇයගේ සාක්ශියට එන්නේ කවූද?
නාඳුනන රටක තම සේවයෝජකයගේ අනසකට යටත් විටේක මෙ ගිවිසුම් සාර්ථකද? සේවකයන්ට සහනයක් ලැබේද?
ලංකාව ජාත්යන්තර සංක්‍රමණික සේවකයන් හා ඔවුන්ගේ පවුල් සදහා වු සම්මුතිය අත්සන් කර ඇතත් ඒය පනතක් ලෙස අපේ රටේ සම්මත කර නැති නිසා එය අපට කිසිම නීතිමය වැදගැම්මකට නැත.
සමහර රාජය නොවන සංවිධාන මෙය ආදායම් මාර්ගයක් හා මාසිකව රට යාමේ වැඩක් මිස සමාජයට කිසිම දායකත්වයක් ලබාදී නැත. කොලඹ සංවාදය ඩුබායි සංවාදය වගේ ඒකගතා නිසි පල ප්රයෝජන ලබාදී නැත. ප්රාග්ධනය මායිම් හරහා නිබයව සංක්‍රමණික ඒත් මිනිසුන් ට නොහැක.
එමෙන්ම නීතීයක් නැතී රටක රිසනා නෆීක්ට වු දේ ඔවුන්ට විය නොහැකීද ක්රීයත්මක විය යුත්තේ ඔබයි.
ලක්ෂාන් ඩයස්

Related posts