රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ.

නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන, ආකාර්යක්ෂම සේවාවක් බවට අද මෙම රාජකාරිය පත්වෙමින් තිබේ. තවමත්, රාජකාරිය දේවකාරිය සේ සලකා කටයුතු කරන කිහිප දෙනෙකු නොවන්නට අද මෙය මීටත් වඩා අගාදයකට වැටීමට නියමිතව තිබුනි.

රාජ්‍යයක පවතින රාජකාරීන් අතරින් වැදගත්ම රාජකාරියක් පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. ඒම රාජ්‍යයේ වෙසෙන මහජනතාවත්, ඔවුන්ගේ දේපල ආරක්ෂාකර දීම, ඒම රාජ්‍ය අපරාධ හා  දූෂණයන්ගෙන් තොරව විධිමත්ව හා කාර්යක්ෂම, සමාකාමීව පවත්වාගෙන යාමේ මූලික වගකීම පැවරී ඇත්තේ ඒරට ක්‍රියාත්මක පොලිසිය වෙතය.

ඒවැනි පොලීසියක් ක්‍රියාත්මක සෑම රටක්ම අද වන විට විශාල දියුණුවක්  ලබා ගෙන තිබේ. පොලීසි තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන තාක් ඒ රටට කිසිදා දියුණුවක් ලබා ගැනීමට නොහැකි වන අතර, ඒම රට දූෂණ, අපරාධ හා අකමිකතාවයන්ගෙන් පිරුනු රාජ්‍යයක් වීම ද වැලැක්විය නොහැක.

නමුත්, අපේ පොලීසියේ සමහර නිළධාරීන් තම නිළ බලය පාවිච්චි කරමින් අපරාධ හා දූෂණ වලට සම්බන්ධව කටයුතු කරමින් තිබේ. මත්ද්‍රව්‍ය මර්ධය සදහා පිහිටුවා ඇති පොලිස් නාකොටික් අංශයේ සැලකිය යුතු නිළධාරීන් පිරිසක් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජු ලෙසම සම්බන්ධ බවට පසුගියා දා හෙලිවීමෙන් හා විවිධ නමගිය අපරාකරුවන් සමග සමහර නිළධාරීන් විශේෂ සම්බන්ධතා තිබෙන බව හෙලිවීමෙනුත් මෙය තව දුරටත් සනාථ විය.

දිගින් දිගටම සිදුවන මෙවැනි අනීතික ක්‍රියා නිසා පොලීසිය වෙත ඒල්ලවන විවේචනයන් වෙනතක යොමු කිරීම සදහා සමහර නිලධාරීන්  විවිධ උප්පරවැට්ටි යොදමින් තිබේ.

ඒවා අතරින් ප්‍රධාන වන්නේ මේ අපරාධ හෝ දූෂණයන්ට සම්බන්ධව කටයුතු කරනු ලබනවා යැයි පවස සුළු පිරිසක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කර ටික කාලයක් අප ලබා නොදීමට කටයුතු කිරීමයි. ඒමෙන්ම, ඒ සිද්ධිය සම්බන්ධව විශාල මාධ්‍ය ප්‍රචාරණයක් ලබා දීමට කටයුතු කිරීමත්ය.

ඒ සදහා පොලිස් මෙහයුම හා අලාගත් දේවල් ප්‍රසිද්ධ කරමින් හා ඊට සම්බන්ධ වූ නිළධාරීන්ද ප්‍රසිද්ධ කරමින් ජනප්‍රසාදයක් ලබා ගැනීමට උත්සාහ කරයි.

නමුත්, ඒසේ විශාල මාධ්‍ය සංදර්ශණයකින් පසුව ඉදිරිපත් කළ මෙම බොහෝ සැකකරුවන් ඉතා කෙටි කලකින් අදාල අපාරධය හෝ දූෂණය සිදු කළ බවට අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට අසමත් වීම නිසා මොවුන් අධිකරණයෙන් නිදහස් වී යයි. මේ සම්බන්ධව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රකාශ කර සිටියේ ගොනුකරනු ලබන අපරාධ නඩුවලින් 96%ක් අධිකරණයේ ඉදිරියේ දී ඔප්පුකර ගැනීමට නොහැකි වීම නිසා අපරාධකරුවන් නිදහස් වී යන බවයි.

පොලිසිය ඇතුලු ඊට වගකිව යුතු ආයතන මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා කටයුතු කරනු වෙනුවට මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමටත්, තම දෙපාර්තමේන්තුව තුළ ඇති ගැටලු සාකච්ඡා කර විසදාගනු වෙනුවට මහජනතාවට පමණක් නිරන්තරයෙන් ඇගිල්ල දික්කිරීමටත් කටයුතු කරමින් සිටී.

ඒමෙන්ම, අපරාධ සිදුවීම වැඩි වකවානුවක දී පොලීසිය වෙත ඒන පීඩන දරා ගැනීම සදහා අපරාධ සැකකරුවන් කිහිප දෙනෙකු නීති විරෝධී අයුරින් ඝාතණය කිරීමත්, ඒ හරහා විශාල මාධ්‍ය ආවරණයක් ලබා ගැනිමින් ඊට යම් කිසි ජන කොටසකගේ අශීර්වාදය ලබා ගැනීමත් පොලීසියේ තවත් උපක්‍රමයක් වී තිබේ.

දශක කිහිපයක් තිස්සේ මේසේ අපරාධ සැකකරුවන් නීතියට පිටින් ඝාතණය කිරීම සිදු වූවත්, ඉන් ලංකාවේ අපරාධවල කිසිදු අඩුවක් සිදු නොවීය. ඒමෙන්ම, ඔවුන් විසින් සිදු කළ විශාල අපරාධ ප්‍රමාණයකුත් ඊට සම්බන්ධවී සිටි තවත් වැදගත් අය ඉන් හෙලිදරව් කර ගැනීමට ද නොහැකි විය.

මේ අතර, තවත් මාධ්‍ය මෙහෙයුමක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ විවිධාකාරයේ සුලු අපරාධ හා දූෂණයන් සම්බන්ධව අර CIA, මේ CIA වැනි නම් වලින් නාට්‍යානුසාරයෙන් සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරිමය. මින් සමහරක් අද වන විට මෙගා නාට්‍ය ලෙස ද නිෂ්පාදනය කර තිබේ.

මේ අතර, කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ දී ද ඒවැනි මාධ්‍ය සංදර්ශණ ගනනාවක් අපට දකින්නට ලැබුනි. සමහර අවස්ථාවලදී කෝවිඩ් රෝගීන් ත්‍රස්තවාදීන්ට සමාන කරනු අවස්ථාවන්ද දක්නට ලැබුනි.

කෝවිඩ් තුන්වැනි රැල්ලේ දී මිනුවන්ගොඩ ඇගලුම් සේවිකාව ඉන් ඒක් උදාහරණයකි. ඒමෙන්ම, සමහර අවස්ථාවලදී පොලිස් නිලධාරීන් මිනිසුන්ට ඉතා පහත් අන්දමින් බැන වැදී පළවා හරින දර්ශණ මාධ්‍ය හරහා සාජීවීව විකාශණය වනු දක්නට ලැබුනි. මේ අතර, සමහර මාධ්‍යවේදීන් ද ජතාවට පොලිස් පාට් දමන අවස්ථාව ද අපට දක්නට ලැබුනි. අතේ කැමරාව නොතිබෙන්නට මාධ්‍යවේදියා හා පොලිස් නිලධාරියා කවුරැන්ද යන්න පවා හදුනා ගැනීමට නොහැකි අවස්ථා ද අපට දර්ශණය විය.

මේ තත්ත්වය ඒන්න ඒන්ම වර්ධනය වීම නිසා පොලිස්පතිවරයාට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කිරීමට ද සිදු විය. ඒම චක්‍රලේඛණය මගින් වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලීසියට දන්වා තිබුනි.

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ මාර්ග බාධක රාජකාරීවලදී පොලිස් නිලධාරීන් විසින් වාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් පරිභව කිරීම් ද සිදුවන බවට පළවූ වාර්තා ද සැලකිල්ලට ගනිමින් එම චක්‍ර ලේඛනය නිකුත්කර තිබුනි.

Similar Posts