ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය පවසයි.

බන්ධනාගාර ලොකුම ප්‍රශ්නය ජනගහණය වැඩි වීම බවත්, ඊට මෙයද එක් හේතුවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ මේ වන විට සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන සැකකරුවෙකුට කොවිඩ් ප්‍රශ්නය නිසා ඇප ලබා දුන්නත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වනතුරු බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි බවය.

කොරෝනා පාවිච්චි කර රටම පාලනය කරන්න ඇතමුන් සිතා ඇතමුන් නිරෝධායන රෙගුලාසි ගෙන ආ බවත් මේ රටේ පාර්ලිමේන්තුවක් නොතිබුණු කාලයක ඊට අයිතියක් නැති අය විසින් ඇඳිරි නීතිය පැනවූ බවද ඇය කියා සිටියි.

අප්‍රේල් මාසයේ අගවන විට 21,000 ක් සිටි බන්ධනාගාර කණ්ඩායම 14,000 දක්වා අඩු කළේ කොරෝනා නිසා බවද නමුත් මැයි මාසයේ සිට පැනවූ ඇඳිරි නීති සමයේ විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නිසා සැප්තැම්බර් මාසය වන විට එය 34,000 දක්වා ඉහළ ගිය බව පෙන්වා දෙන ඇය කියා සිටින්නේ එය අමානුෂික ක්‍රියාවලියක් වූ බවය.

පසුව කොරෝනා නිසා නිවෙසියන්ට ඔවුන්ව බැලීම අහිමි වූවා මෙන්ම නීතිඥවරුන්ටද එහි යාම තහනම් වූ බව ඇය පවසයි.

අවසානයේ මහර ගැටුම ඇති වූ බව පෙන්වා දෙන ඇය අවධාරණය කර සිටින්නේ එහි සිදු වු දේ දැන් සියයට සියයක් පැහැදිලි බවය. මේ වන විට වාර්තා දෙකක් නිකුත් කර තිබෙන අතර ඇය පවසන්නේ එදින 11 ක් මිය ගියේ ඔවුන්ට මේ නිලධාරීන් සිදු කළ වෙඩි තැබීම නිසා බවය.

අවම බලය පාවිච්චි කිරීමක් කියා හිසට වෙඩි තබන්නේ නම් අප ෆේල් බවත් අවධාරණය කර සිටින ඇය පවසන්නේඑසේ නම් ඔවුන්ට පුහුණුව මදි බවය. මේ මහර සිදු වූ ක්‍රියාව ආණ්ඩුව වසන් කිරීමට ද උත්සහ කළ බවද ඇය පෙන්වා දෙයි.

www.aithiya.lk

Similar Posts