පත්තර මුත්තා මිය යන්නට ආසන්නයේ – බලධාරීන්ගේ අවධානය පිණිසයි

කතලුව නැතිනම්,කත්ළුව ගම සුන්දරය. අතිතයේ දී කත්වලින් බඩුගෙනගිය වෙළඳුන් ඒ කත බිම කතා ගිමන් හරින ලද තැන කතළුව වු බව ජනමතයකි.

ඇල හැඩයට බෑවුම්වන සේ කැපිගිය ස්ථානය,ක්‍රමානුකූලව ඇල හැඩයට බෑවුම්වු ස්ථානය කතලුව ගම නම් වූ බව ද පොත පතෙහි සඳහන් වේ.මේ ගම අනාදිමත් කාලයක සිට ජීවත්වන අපේ පත්තර කලාවේ මුත්තා අද අන්ත අසරණ වී ඇත. අපේ කතාවේ කතා නායකයා මේ අපේ පත්තර මුත්තාගේ කතාන්දරයයි.

මේ වන විට ලංකාවේ පළමු පත්තර මුත්තා මිය යන්නට ආසන්නයේ සිටිති.මේ පත්තර මුත්තා බේරා ගන්නට ගමෙත්,රටෙත්,ලොවෙක් කිසිවකු නැත.මේ අපේ කතාන්දරයේ පත්තර මුත්තාට ජීවය දෙන්නට හැකිනම් පත්තර කලාවටද අතිශයනිම් වැදගත්වනු ඇත.

මේ අතරම, ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත් පත වූ ලංකා ලෝකය පුවත්පත මුද්‍රණය කරන ලද මුද්‍රණාලය තිබෙන කතලුව රන්වැල්ල පුරාණ විහාරස්‌ථානය රැකදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටින්නේ මෙන්ම මේ නිසාය.

පන්සල සුරක්ෂිත කරන්නේ නම් අපේ පත්තර මුත්තාද තවත් බොහොකල් ජිවත් වනු ඇත.අප විහාරස්ථානය හා පත්තර මුත්තා (ලංකා ලෝකය පුවත්පත මුද්‍රණය කරන ලද මුද්‍රණාලය) ද අදවන විට විනාශ වෙමින් පවති.මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ හා නිලධාරිනගේ අවධානය යොමුවිය යුතු බව,විහාරාධිපති හම්බන්තොට මාරකොල්ලියේ විමලජෝති නායක හිමියෝ අප සමඟ පැවසුහ.

මේ වනවිට විහාරස්‌ථානයේ තිබෙන ඉපැරණි පොත්පත් රැසක්‌ පුස්කොළ පොත්ද විනාශ වෙමින් පවති.විහාර මන්දිරයේ බිතු සිතුවම් ද ගොඩනැඟිලිද විනාශ වෙමින් තිබේ.මේ පන්සල පුරාවිද්‍යා ස්‌ථානයක්‌ ලෙස නම්කර තිබේ එය නමට පමණි.

ඒ වගේම ලංකාවේ වෙනත් කිසිම පන්සලක දක්‌නට නොමැති බිතුසිතුවමක්‌ මෙහි තිබේ.එනම් සම්බුද්ධ පරිනිර්වාණයේ දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කරන ලද චිතකය සහ එය දැවී යන ආකාරයයි. අද එම සිතුවම් සියල්ල විනාශ වෙමින් පවති.

සියම් දේශයේ චූලාලංකාර රජු විසින් පරිත්‍යාග කරන ලද පූජා භාණ්‌ඩ,පොත්පත් විනාශ වෙමින් යමින් පවති.පෙර සටහන් කළ පරිදි ලංකාවේ ප්‍රථම පුවත්පත වූ ලංකා ලෝකය මුද්‍රණය කළ මුද්‍රණාලය තිබෙන්නේ මේ පන්සලෙයි. මේ අනුව,පත්තර මුත්තා නැතිනම් අපේ පත්තර අප්පොච්චා දැනට ගිලන්ව වාසය කරන මේ විහාරය සංරක්ෂණය කරන්නට මෙතෙකේ කිසිදු පියවරක් ගෙන නැති බව ද විහාරාධිපති නායක හිමියෝ පෙන්වා දෙති.

ශ්‍රී පරමානන්ද  විහාර පරපුරට අයත් රමණීය වූ ඵෙතිහාසික රන්වැල්ලේ  පුරාණ විහාරය කොග්ගල ඔයට යාබදව පිහිටියේ ය.මේ වූ කලී  ලංකාවේ  ඉතා විශේෂ පිහිටීමක් ඇති  ඉපැරණි  විහාරස්ථානයකි.එකම  භූමියක වැටවල් දෙකකින් වටවූ විහාරස්ථාන දෙකකි.

එකක් සියම් නිකායේ සංඝයා වහන්සේලා වැඩ සිටින ගිනිවැල්ලේ පුරාණ විහාරයයි.අනෙක අමරපුර නිකායට අයත් (දැන් එය අමරපුර කල්‍යාණිවංශ  නිකාය පාර්ශවයට අයත්) රන්වැල්ලේ  පුරාණ විහාරයයි.කතලුවේ අටදහිවත්තේ වලව්වේ  අමරසේකර මැතිනිය ඇතුළු ප්‍රදිනන්දසු ඔබේසේකර පවුලට අයත්ව තිබූ  එකම ඉඩමේ  මෙම විහාරස්ථාන දෙකම පිහිටා ඇත.

කතළුවේ අමරසේකර වලව්වේ  විසූ අමරසේකර  ළමාතැනීට පින්වත්  ළමයින් ලැබීම උදෙසා චෛත්‍යයක් තැනවීම විශාල ආශිර්වාදයක් බැව් සිතා ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට බුලත්ගම ධම්මාලංකාර නාහිමි උඩරට සිට වැඩමවා ගිනිවැල්ලේ පුරාණ අවාසගෙයි නවත්වාගෙන වෙහෙර තැනීම ආරම්භ  කොට ඇත.

1841 දී ආරම්භ  කළ ඒ කටයුත්ත  අතරතුර  උසස් රදළ පෙළපතකින් සියම් නිකායේ මල්වතු පාර්ශවයේ  පැවිදි වූ බුලත්ගම නාහිමි කුලභේදය පිලිකෙව් කොට සියම් නිකාය අතහැර අමරපුර  නිකායේ උපසම්පදාව ලබා ගත්හ.මේ අතර වස්කාලය එළඹුණි.

ගිනිවැල්ලේ පන්සලේ සිටි සියම් නිකායේ භික්ෂූන් අමරපුර  නිකායේ භික්ෂූවකට එහි වස් වැසීමට ඉඩ දිය නොහැකි බැව් පැවසීය.වහාම චෛත්‍ය  තනනා ස්ථානයට නුදුරු  කුඩා පැළක් සාදා එහි  බුලත්ගම  ධම්මාලංකාර නාහිමි වස්වසවා ඒ ස්ථානයේ කෙළවරේ අමරසේකර  වලව්වේ සැලැස්මටම ආවාසයක් තනා බුලත්ගම  නාහිමි ප්‍රමුඛ අමරපුර  සංඝයා  වහන්සේට අමරසේකර ළමාතැනී  විසින් පූජා කරන ලදී.

මෙයින් එකම ඉඩමක විහාර දෙකක් ඇතිවිය.පන්සල් දෙකම අද දක්වා වන්දනා කරන්නේ එකම චෛත්‍යයටය.මේ කුරුණ ද සත්තකින්ම සුවිශේෂ වන්නේ ය.

මේ විහාරය බුලත්ගම  නාහිමියන් විසින් තම දෙවැනි ශිෂ්‍ය සබරගමුවේ  නායකත්වය ඉසිලූ කෝදාගොඩ පඤ්ඤාසේකර නාහිමිට භාර කරන ලදී.එවක පටන් ඒ ශිෂ්‍යානුශිෂ්‍ය  පරපුර මෙහි ආධිපත්‍යය  උසුලන ලදී.මේ අනුව, ශ්‍රී පරමානන්ද  රාජමහා විහාරයට අයත් පළමු ලංකෝපකාර මුද්‍රණාලය පවතින්නේ මෙම විහාරස්ථානයේය.

එසේම මෙහි බුදු මැදුර තුළ පවතින නුවර යුගයේ චිත්‍ර අතිශයින් දුර්ලභ  වටිනා චිත්‍ර බව පැවසිය යුතුය.අසළින් පෙනෙන මඩොල්දූව මේ විහාරයට අමුතුම සිරියක් ගෙන දෙයි.ජින දා නිධන් කර නවමුනි සෑය ඉතා වටිනා පූජනීය චෙත්‍යරාජයෙකි.එය බුලත්ගම  නාහිමියන්ගේ සැළස්මකි.

මෙය පසුකාලීන අදූරදර්ශි  පාලනයට නතුව වටිනා බොහෝ සම්පත් විනාශයට පත් විය.එසේම ගින්නකට හසුවී මිළ කර නොහැකි කෞතුක වස්තුන් සහ  පුරාණ ආවාස ගෙයි අඩක් පමණ විනාශවී ගියේ ය.

මෙහි පවතින ලංකෝපකාර මුද්‍රණාලය එදා නිදහස් සටනට සක්‍රීයව කටයුතු කළ ලාංකේය බොදු උරුමයකි.එහෙත් එයට අද ලබා දී ඇති ස්ථානය ගැන පවතින්නේ කළකිරීමකි.වෙනත් රටක මෙවැනි උරුමයක් පැවතියේ නම් එයට වෙනමම කෞතුකාගාරයක් තනවනවාද ඇත.

අද ට ද තායිලන්තයේ පිරිස් මෙම විහාරයට උපකාර කරන්නේ බුලත්ගම  නාහිමියන් වහන්සේ ගේත්  සියම් රජු අතරත් තිබූ සමීප සබඳතාවය මතය.එය අදට ද පවතින අතර විහාරයට රට පාලනය කළ හෝ දැනට රට පාලන ආණ්ඩුවේ කිසිදු වගකිවයුතු කිසිවෙකුගේ අවධානය යොමුව නැත.

ලංකාවේ සිංහල පුවත්පත් මුද්‍රණ කර්මාන්තයේ ඇරබෙන්නේ1860 වර්ෂයේ ය. එකල සිංහල ප‍්‍රවෘත්ති පත‍්‍ර කලාවේ බොහොම පෙරළිකාරයෙකි. නමුත් එය අද සමස්ත ජාතියටම අහිමි වෙමින් පවති.

ගාල්ලේ කතළුව,රන්වැලි පුරාණ විහාරයේ 2012 වසරේ අභිරහස් මහා ගින්නට බිලි වීමෙන් පසුව මුද්‍රණාලය විනාශ වුයේය. එය නතිකර යකඩවලින් සකස් කර තිබු නිසා ගින්න හට ගත් අවස්ථාවේ ගෙඩානැගලි ද්‍රව්‍ය ඒ මතට කඩා වැටීම නිසා එහි යම් යම් කොටස් ගැල වී විනාශ වී ඇත. එය දැන් සම්පුර්නයෙන්ම යකඩ ගොඩක් බවට පත්ව තිබේ. මෙය රැකගන්ට යම් පියවරක් ගන්නේ නම් අගනේ ය.

ගාල්ලේ,දංගෙදර වීදියේ අංක 369 දරණ ලංකෝපකාර අච්චු කන්තෝරුවේ දීය. පත්තර කාලවේ අපේ මුත්තා මුත්තණුවන් මුද්‍රණයෙන් එළියට දුන් පුවත්පතේ නම ලංකාලෝකයයි. සත්තකින්ම ලංකාලෝකය යනු ලංකාවේ ප‍්‍රථම සිංහල පුවත්පතයි. වර්ෂ 1860 දී එය පළකර ඇත්තේ ගාල්ලෙනි.

එංගලන්තයේ සිට නැව් මාර්ගයෙන්, ගාල්ලේ වරායෙන් ගොඩ බැස ලංකාවට පැමිණ ඇත්තේ ලංකාලෝකය සිංහල පුවත්පත මුද්‍රණය කිරීමට ය. ගාල්ල වරාය සාරසුබාවට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු ඒ කාලයේ අපේ පත්තර මුත්තණුවන් පදිංචිව සිටියේ ය.ඒ ගාල්ල කොටුවේ චර්ච් වීදියේ අංක 02 දරන ස්ථානයේ ය. එය ලංකාලෝක පත්තර කන්තෝරුව යනුවෙන් හැඳින් වෙන්නට ඇත.

එකල ලංකාලෝකය පත්තරය නිකුත් වූයේ ගාල්ලේ දී අච්චු ගැස්වූයේ ය. යනුවෙන් මුල් පිටුවේ පළ කෙරුණු විශේෂ හැඳින්වීමක් ද සමඟිනි.අපේ පත්තර මුත්තා සෑම බදාදා දිනයකම ලංකාලෝකය මහජනයාට නිකුත් කළහ.පත‍්‍රයේ මාසික දායක මුදල ශත විස්සකි.

සිංහල පුවත්පත් මුද්‍රණාලය අයත් වන්නේ ජර්මනියේ ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත‍්‍ර පරම්පරාවට ය. මෙම මුද්‍රණ යන්තරය සකස්කර ඇත්තේ,වර්ෂ 1850න් පසු කාලයක ය. මෙය නිපදවා ඇත්තේ  එංගලන්තයේ කොලොම්බියන් මුද්‍රණ යන්ත‍්‍ර සමාගමයි. ඉන් පසුව වර්ෂ 1859 දී පමණ අපේ කත්නදරයේ පත්තර මුත්තා  ගාල්ල වරායෙන්, ලංකාවට ගොඩ බැස්සේ ය.

මේවන විට ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයයි.

එකල ලංකාවාසී සිංහල ජනයාට නොයෙකුත් ගැටලූ මතුවී තිබිණි.ආක‍්‍රමණික බි‍්‍රතාන්‍යයන් තම මිෂනාරි දේව ගැතිවරුන් මගින් ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්නට උත්සාහ ගැනීමත්,එයින් රටේ මුහුදුබඩ පළාත්වල සිංහල බෞද්ධ ජනයාට යම් යම් බලපෑම් සිදුවෙමින් පැවතීමත් නිසා ගැටලූකාරී තත්ත්වය හට ගෙන තිබිණි.

ලංකාවේ ආගමික,සමාජ,සංස්කෘතික ආදිකොට ඇති සියල්ලම විනාශ වෙමින් තිබිණි.

එකල ක‍්‍රිස්තියානි ආගමිකයන් සහ බෞද්ධයන් අතර බද්දේගම වාදය, පානදුරා වාදය ආදී මහා වාද පවා ඇතිවිණි. මේ කාලයේ මුද්‍රණාල පහසුකම් තිබුණේ ක‍්‍රිස්තියානි ආගමික පාර්ශවයන්ට පමණ ය. එබැවින් ඔවුන් බෞද්ධාගමට එල්ල කරන විවේචනවලට පිළිතුරු දීමට ද බෞද්ධයන් දැනුවත් කිරීමට ද නියමිත ක‍්‍රමයක් නො තිබිණි.

එකල ගාල්ලේ පරමානන්ද මහා විහාරයේ අධිපති පදවිය හෙබැවුයේ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස නාහිමියන් ය. උන් වහන්සේ එකල සියම් රටේ (වත්මන් තායිලන්තය) රජකළ මොන්කුට් රජුගේ මිතුරෙකි. ලංකාවේ බෞද්ධයන්ට මුද්‍රණාලයක් නැතිකමේ ප‍්‍රශ්නය,උන් වහන්සේ සියම් රජුට දන්වා යැවූහ.

ඒ අනුව, මුද්‍රණ යන්ත‍්‍රයක් මිලට ගත් සියම් රජු, එය ධම්මාලංකාර නාහිමියන්ට ත්‍යාග පිණිස එවූහ. එය ලංකාවට ආවේ වර්ෂ 1859 දීය. ඒ මෙම මද්‍රණ යන්තරයයි.එයින් පසුව වර්ෂ 1860 ජුනි මාසයේ සිට අපේ පත්ර මුත්තාගේ පත්තරය ලංකාලෝකය පුවත්පත මුද්‍රණය කරන ලද්දේ ය.

පළමුව මෙම මුද්‍රණාලය පිහිටා තිබුණේ ගාල්ල කොටුවේ චර්ච් වීදියේ ය. වර්ෂ 1886 දී එය.පසුව,ගාල්ලේ දංගෙදර වීදියේ අංක 369 දරන ස්ථානයට මාරු කෙරිණි.එම ස්ථානයේ දී ද ලංකාලෝකය මුද්‍රණය කෙරිණි නැතිනම් අච්චු ගසා ඇත.

මින් පසුව සිදුවන්නේ කුමක්ද? එනම්,ඉන් පසුව 1912 වසරේ සිට යළිත් ස්ථාන මාරුවක් ලැබිණි.බුලත්ගම ධම්මාලංකාර නාහිමියන් විසින් මෙම අච්චු කන්තෝරුව අහංගම,කතළුව රන්වැල්ල පුරාණ මහා විහාරයට රැගෙන යාම, ඊට හේතුවයි.රන්වැල්ල පුරාණ මහා විහාරයට ද ධම්මාලංකාර නාහිමියන් භාරයේ පැවති විහාරස්ථානයකි.

එතැන් පටන් අපේ පත්තර අච්චු ගැසුවා දැයි පැහැදිලි නැත. කෙසේ නමුත්, දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ (1942 වර්ෂය) දෙවසරක පමණ කාලයක් මුද්‍රණාලය තිබුනේ,පානදුරේ ය. ඒ සිටි මුද්‍රණාලය වශයෙනි. පසුව යළිත් කතළුවේ රන්වැල්ල පන්සලට මුද්‍රණාලය ගෙන එනු ලැබී ය.

රන්වැල්ලේ පුරාණ විහාරයේ තොරතුරු අනුව, වර්ෂ 1960 පමණ වන තුරු එයින් යම් යම් මුද්‍රණ කටයුතු සිදු කරගෙන ගොස් ඇත.

2012 වසරේ නොවැම්බර් මස 19 වැනි දා රාත‍්‍රියේ රන්වැලි පුරාණ විහාරය හදිසි ඇතිවු තවමත් අභිරහස් වු ගින්නකට බිලි විය.

එයින් විහාරස්ථානයට ද අපේ අපේ පත්තර මුත්තා වු පත්තර අච්චු කන්තෝරුවට ද සත්තකින්ම බරපතල හානි සිදු විය. එය පැරණි මුද්‍රණ යන්ත‍්‍රයක් යයි කියන්නට ද බැරි තරමට හානිවී තිබිණි.එයින් බොහොම දෙනෙක් කම්පා වුහ.

ලංකාවේ මුල් ම සිංහල පුවත්පත මුද්‍රණය කළ යන්ත‍්‍රය (අපේ පත්තර මුත්තා) දැඩි ලෙස විනාශවී යාම රටේ මහත් කතාබහට ද ලක් විය.

එය නමට කතාන්දරයට කතාවට සිමාවුහ. සත්තකින්ම මේ පසුගිය සිකුරාදා අප මේ විහාරයට යන විටත් විනාශ වු මුද්‍රණ යන්ත්‍රර කිසිදු අලුත් වැඩියාවක් සිදුකර නොමැතිව පසකට තමා තිබිණි.මෙය සංරක්ෂනයට කිසිවෙකුට ඉඩ නැත.ඒ බලධාරිනගේ අවධානය නොමැති වුවද පුරා විද්‍ය අනපනත් නිසාය.

මක්කැයි අපේ හාමුදුරුවනේ දොඩංනේ අපි  ඕක තිබුණු විදිහටම හදලා දෙන්නම් අලාභානි බලන්නට පැමිණි ආණ්ඩුවේ ඇත්තෝ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇත්තෝ ද පොරොන්දු වූහ.

ඒ ඈයෝ අදවන විටත් මේ සටහන ලියන 2020.12.14 ඉරුදින යන විටවත් නිකම්වත් බලන්නට ආවේ නැත.සත්තකින්ම හිතට දුකක් ඇති වේ. කණගාටුවක් ද ඇතිවේ.

සත්තකින්ම අපේ රටේ පාලකයන්ට ආගම දහම ගැන කතාකරන මාධ්‍ය නිදහස ගැන හා මාධ්‍ය කලාව ගැන කතා කරන ඇත්තන් මේ දක්වා මෙය සංරක්ෂණයට කිසිදු පියවරක් ගෙන නැත. මෙය සත්කින්ම අනුවේදනීය පුවතකි. මේ අනුව,රජය පැත්තෙන් කිසිවක් කෙරුණේ නැත. අදටද ලිපි ලේඛණ රැසක් යවා ඇත. එයට කිසිදු පිළිතුරක්වත් නැත.

හම්බන්තොට,මාරකොල්ලියේ විමලජෝති නාහිමියෝ රන්වැල්ල පුරාණ විහාරයේ අධිපති පදවියට පත්ව ආවේ පන්සල ගිනි ගැනීමේ සිද්ධියෙන් පසුව ය.

ඉක්බිති උන් වහන්සේ පන්සලේ වියදමෙන් අපේ පත්තර පරම්පරාවේ මේ සටහන ලියන මාගේද මේ සටහන සකස්කරන අපේ පත්තර සඟයන්ගේ ද පත්තර මුත්තා යම් කිසි ආකාරයට ආරක්ෂා කරන්නට පියවරගෙන ඇත.

ඒ සියලුම කොටස් ආරක්ෂාකර එක්තැන්කර පත්තර මුත්තාට හැකි පරිදි සාත්තු කරමින් තබා ගැනීමයි මට කරන්න හැකි දේ මම කරලා ආරක්ෂා කරනවා. මේය ආරක්ෂා  කරන්න යම් පියවරක් ගන්නවා නම් ඒය සිදුකරන ආණ්ඩුවේ ඇත්තෝ පියවරක් ගත යුතුයි යැයි උන්වහන්සේ පවසති.

මට හැකි පරිද දැනට රුපියල් පනස්දාහක් විතර වියදම්වෙලා තියෙනවා.අපි බාස්උන්නැහේලා ගෙනල්ලා මේකේ යකඩ කොටස් ටික පිළිසකර කළා.

දැන් මේක මුද්‍රණ යන්ත‍්‍රයක් කියලා පේනවා.ඒත් මේක පැරණි මුද්‍රණ යන්ත‍්‍ර ගැන දැනුමක් තියෙන කාර්මිකයෙකු ලවා හදවන්න  ඕනෑ. මට මේක පරණ තිබිච්ච තත්ත්වයට ම, ඒ කියන්නේ ක‍්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයට ගොඩ ගන්න අවශ්‍යයි හම්බන්තොට මාරකොල්ලියේ  විමලජෝති හිමියෝ පැවසුහ.

ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය යළි පෙර තත්ත්වයට සංරක්ෂණයකර ගැනීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියේ කරුණු තුනක් යෝජනා කරති.

කොලොම්බියන් වර්ගයේ පැරණි මුද්‍රණ යන්ත‍්‍ර ගැන අවබෝධයක් ඇති කාර්මික ශිල්පියෙකු හඳුනා ගෙන,ඔහුගේ උදව්වෙන් එය අලූත් වැඩියාකර ගැනීම සිදු කළ යුතුව ඇත.ඒ සඳහා බරපැන සපයා ගැනීම ආණ්ඩුව හෝ යම් බලධාරියෙක් හෝ වෙනත් අයකු මැදිහත්විය යුතුව ඇත.

පිළිසකර කිරීමෙන් පසුව එය තැන්පත් කිරීමට වීදුරු කුටියක් සහිත කුඩා කෞතුකාගාරයක් සාදා ගැනීම කළ යුතුව ඇත. එය මතු පරපුරට ලංකාවේ පත්තර මුත්තාගේ හැඩරුව ගුණ දැකින්නට එය පෙනෙන්නටය.එය අගනේය. එය තවමත් සත්තකින්ම සිහිනයකි.මෙම සිහිනයට පණ දෙන්නට සිහිනයට සිනහවක්ගෙන දෙන්නට හැකි නම් බලධාරිනගේ යුතුකම වනු ඇත.

පැරණි මුද්‍රණ යන්ත‍්‍ර ගැන දන්න කාර්මිකයෙක් අපට හොයා ගන්නත් අසීරුයි. කතලුවට අසල ගම කොග්ගල යි.කොග්ගල කලපුව ද සුන්දරය.

මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය නරඹන්න එන පාසල් දරුවන් විශාල පිරිසකි. මෙම විහාරයේ පිහිටිම හා පාරිසරික රුවැති ගුණය ඉතා දුර්ලභ ගණයේ පැරණි බිතු සිතුවම් වැදගත්ය.

එය දේශිය හා විදේශිය සංචාරකයන් සඳහා තෝතැන්කි.තිබිරිගෙයකි.මේ මුද්‍රණ යන්ත‍්‍රය සංරක්ෂණය කර කෞතුකාගාරයක් බිහිකර ගැනීමේ විශාල වැදගත්කමක් රට හමුවේ ඇත. මෙය සත්කින්ම ජාතික අවශ්‍යතාවයකි.

මේ සති අන්තයේ අප පත්තර මුත්තා දකින්නට ගියෙමු.ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය හෙවත් අපේ කාතන්දරයේ කතා නායකයා අපේ මුත්තා අද දකිය හැක්කේ,අසම්පූර්ණ රූපකායක් පමණි.එය දුක ඇතිවෙන කණගාටුවට කරුණකි.

මේ ආකාරයට අපේ පත්තර මුත්තා හරි හමන් සංරක්ෂණ බෙහෙතක් නැතිව සිටිය හොත් අපේ රටේ පත්තර කලාවේ පත්තර මුත්තා මිය යන දිනය වැඩි ඈතක නොවේ.

පත්තර මුත්තා මිය ගියේ ය. අවසන් කටයුතු මේ ඉරිදා සවස කතලුවේ රන්වැල්ල පුරාණ විහාරස්ථානයේ දි සිදු කෙරේ  යැයි, අසන්නට කියන්ට හැකිය. මුදුණය කරන්ට නොහැකිය. ඒ අපේ පත්තර මුත්තා මිය ගොස් ඇති නිසාය.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ : ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Related posts