NO Parking අවතක්සේරුවට

හැටන් නගර මධ්‍යයේ රථ වාහන නැවැත්විම තහනම් යනුවෙන් සදහන් සමහර ස්ථානවල රථ වාහන නැවැත්විමත් සමග එකි රථ වාහන නිති අවතක්සේරුවට ලක්ව ඇත.

සමහර රථ වාහන රියදුරන් රථ වාහන නැවැත්විම තහනම් පුවරු ඇති ස්ථාන පිලිබදව කිසිදු තැකිමක් නොකර හිතුවක්කාරි ලෙස රථ නැවත්විම සිදු කරන අකාරයක්ද දක්නට හැක.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ සමහර රියදුරන් NO Parking දැන්විමට පමනක් සිමා කර ඔවුන්ට අවශ්‍ය විදියට කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ රථ වාහන නැවැත්විමේ නිතිය අවතක්සේරුවට ලක්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment