කොරෝනා මරණ වලින් නුවරඑළිය බේරෙයි

කොවිඩ් 19 රෝගය වැලදිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියකු මේ දක්වා මිය ගොස් නැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් 19 මර්ධන කමිටුවට එක් වෙමින් මේ බව පැවසු රෝහණ පුෂ්පකුමාර වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර සිටි කාන්තාවක් මිය යාම කොවිඩ් මරණයක් බවට දක්වමින් පුවත් පතක් වාර්ථා කර තිබිම පිලිබදව අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා මේ බව පවසන ලද්දේ අදාල කාන්තාවගේ මරණ පරික්ෂනයට අදාලව සිදු කල පි. සි. ආර්. පරික්ෂාවේදි එම කාන්තාවට කොවිඩ් රෝගය වැලදි නොමැති බවට තහවුරුවි ඇති බවත්ය.

මෙවැනි පුවත් වාර්ථා කිරිමට පෙර එම පුවත් සෞඛ්‍ය අංශවලින් තහවුරු කර ගත යුතු බවද රෝහණ පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts