නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1147 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1147 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුව ඇති බවත් එය 496 බවත්ය.

එමෙන්ම පසු ගිය දිනක හැටන් ෆෝඩයිස් වතුයායේ කාන්තාවක් නිවස තුලම මිග ගොස් සිටියදි කරන ලද පි. සි. ආර්. පරික්ෂාවෙන් පසු ඇයට කොවිඩ් ආසාදනයවි ඇති බවට අනාවරණය විමත් සමග නුවරඑළියදිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 06ක් වාර්ථාවි ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts