නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 1433 දක්වා ඉහලට

corona1

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් හය දෙනා සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1433 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන මෙසේ ඉහල යද්දි මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 08ක්ද වාර්ථාවි ඇති බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි ප්‍රමාණයක් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති බවත් එයින්ද වැඩි පිරිසක් එහි වතු ආශ්‍රිතව වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts