නුවරඑළිය ආසාදිතයන් 1476 දක්වා ඉහලට

covid infections today

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල හා නොර්වුඩ් ප්‍රදේශවලින් 15 වන දින වන විට හමුවු නව කොවිඩ් ආසාදිතයන් මෙම කොවිඩ් ආසාදිත ගනන මෙසේ ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අලුතින් හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස සියයක පමන පිරිසක් හදුනා ගෙන ඇති බවත් එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්ථාවි ඇති බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts