දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

arrest search
දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකල  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ (07) දින අළුයම පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
සැකකාර  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  සන්තකයේ  ගංජා ග්‍රෑම් 5ක් සහ  අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30  මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී  මෝටර් රථය ද දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටල් වලට සහ සමාජ ශාලාවලට පැමිණෙන පුද්ගලයන්ට  විවිධ මත්ද්‍රව්‍ය  අලෙවිකරණ පුද්ගලයකු  අතුරුගිරිය ප්‍රදේශයේ සිටින බවට  පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලද රහසිගත  තොරතුරක් අනුව දින ගණනාවක් තිස්සේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර   (0 7) දින අලුයම 02.30 ට පමන අතුරුගිරිය ප්‍රදේශයේදී සිවිල් පුද්ගලයා මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 සමග අත්අඩංගුවට  ගැනීමට හැකිවූ බවත්  පොලිසිය පැවැසීය .
අත්අඩංගුවට පත්වූ සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය දොම්පේ පොලීසියට අනියුක්තව සේවය කරන උසස් පොලිස් නිලධාරියෙකු විසින් තමාට  විකිණීම සඳහා ලබාදුන් බවත් එම මත්ද්‍රව්‍ය කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි හෝටල් වලට මෙන්ම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම සිදුකළ බවත් සිදුකළ මූලික පරීක්ෂණයේදී  අනාවරණය වූ බවද දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ  නිළධාරියෙකු පැවසීය.
පොලිස් නිලධාරීන් විසින්  සැකකරු ලවා පොලිස් නිලධාරියාට මුදල්  ලබාගැනීමට පැමිණෙන ලෙස දුරකථන මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් කඩුවෙල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව අසලට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ ගංජා ග්‍රෑම් පහක් (05)ක් තිබී  සොයා ගැනීමට හැකියාව ලැබුණු බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් සිවිල් පුද්ගලයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවත්  සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාතරට ආසන්න ප්‍රදේශයකින් තැරැව්කරුවන් ලවා ලබාගන්නා මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනයකර ගම්පහ සහ දොම්පෙ නගරයට ආසන්න ප්‍රදේශවල දී  සිවිල් පුද්ගලයා කැඳවා ඔහු හරහා මද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුකරන බවද   පොලිස් නිලධාරින් විසින් සිදුකළ විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වූ බවද පැවසීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ සිවිල් පුද්ගලයා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විශාල මුදල් ප්‍රමාණයක් උපයා ඇති බවත් මොවුන් දෙදෙනාම මහනුවර ප්‍රදේශයේ  පදිංචිකරුවන් බවත් එකම ප්‍රදේශයේ බැවින් කලක පටන් දැන හැඳිනගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවත් අනාවරණය කර ගැනීමට පොලීසියිසියට හැකි වූ බවද පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට පත්වූ පොලිස් පරීක්ෂකවරයා සහ සිවිල් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා සඳහා නවගමුව පොලිසියට භාරදුන් බවත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර වලාන දූෂණ මර්දන  ප්‍රහාරක ඒකකය මගින් හා නවගමුව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts