පන්නිපිටියේ කොස්තා අත්අඩංගුවට

poli

සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගෙන සැකකාර කොස්තාපල් මෙම ලොරි රථ රියදුරුට පහර දී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts