පස් කන්දක් කඩා වැටිමෙන් අයෙකු මරුට

death

ආගරපතන හොල්බෘක් ප්‍රදේශයේ නිවසක අත්තිකාරම් කපමින් සිටියදි පස් කන්දක් කඩා වැටිමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත.

මෙම පස් කන්ද කඩා වැටිමෙන් පස්වලට යටවු තිදෙනා ආගරපතන පොලිසිය හා ප්‍රදේශයේ පිරිස එක්ව පස් ඉවත් කර ගොඩ ගත් බවත් එම අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් අනික් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ මිය ගොස් ඇත්තේ ආගරපතන සුබ්‍රමණියම් රවිකුමාර් යන අය බවට හදුනාගෙන ඇති බවත් මේ පිලිබදව ආගරපතන පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අගරපතන රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ රෝහල් ගත කර ඇති තුවාලකරුවන් දෙදෙනාගේ තත්වයන් බරපතල නොවන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts